Update: අධිකරණ නියෝගය නොතකා හිටපු ජනපති වෙනුවෙන් විරෝධය

Tuesday, 21 April 2015 - 10:17

Update%3A+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA+%E0%B6%B1%E0%B7%9C%E0%B6%AD%E0%B6%9A%E0%B7%8F+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසමට කැඳවීමට විරෝධය පළ කරමින් පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගයේ අද (21) දහවල් විරෝධතාවක් පැවැත්වුණා. ඊට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් මෙන්ම සිවිල් සංවිධාන නියෝජිතයන් රැසක්ද එක්ව සිටියා. මෙම විරෝධතාව නිසා පාර්ලිමේන්තු සංකීර්ණයට පිවිසෙන මාර්ගය මාර්ග බාධක යොදා  වසා දැමීමටද සිදුවුණා.

එසේම එම ස්ථානයට පැමිණ සිටි උසස් පොලිස් නිලධාරියෙකු විරෝධතාකරුවන්ට පෙන්වා දුන්නේ පාර්ලිමේන්තු සංකීර්ණය අවට ප්‍රදේශය අධි ආරක්ෂිත කලාපයක් බැවින් එහි උද්ඝෝෂණය සහ පෙළපාලි යාම තහනම් කර ඇති බවයි. ඊට අදාළව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් තහනම් නියෝගයක් ද ලබාගෙන ඇති බව ඔහු සඳහන් කළා.  බස්නාහිර පළාත් මහඇමති ප්‍රසන්න රණතුංග, පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිළ සහ මහජන එක්සත් පෙරමුණේ ලේකම් සෝමවීර චන්ද්‍රසිරි ඇතුළු පිරිසකට එරෙහිවයි තහනම් නියෝගය ලබාගෙන තිබුණේ. එහෙත් එම අධිකරණ නියෝගය ද නොතකා විරෝධතාකරුවන් එම ස්ථානයේ රැදී සිටිමින් උද්ඝෝෂණයේ නිරත වූ අතර එම ස්ථානයේ සිටි රාවණාබලය සංවිධානයේ කැඳවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් සහ පොලීසියේ උසස් නිලධාරියෙකු අතර  සංවාදයක් ද ඇති වුණා. අවසානයේ පොලිස් නිලධාරියා අධිකරණ නියෝගය ඉදිරිපත් කළා.

අනතුරුව එම ස්ථානයට පැමිණි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පාර්ලිමේන්තුවේදී කථානායකවරයා ලබාදුන් තීන්දුව පිළිබඳව පිරිස දැනුවත් කළා.

පසුව විරෝධතාව අවසන්වූ අතර එම අවස්ථාව වනවිට තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් විරෝධතාව පැවැත්වෙන ස්ථානයට ළගාවෙමින් සිටියා. කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා, මහින්දානන්ද අලූත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු  මන්ත්‍රීවරුන් ඊට අයත්. පසුව ඔවුන් විරෝධතාකරුවන් සමඟ කුඩා  ලොරි රථයක නැගී පාර්ලිමේන්තු වටරවුමට පැමිණ විසිර ගියා.  විරෝධතාවට කොළ සහ තැඹිලි වර්ණ තීරු දෙක නොමැති ජාතික ධජ රැගත් පිරිසක් එක්ව සිටීමද විශේෂත්වයක්.



Update : Tuesday, 21 April 2015 - 18:37
------------------------------------------------------

පාර්ලිමේන්තු අසළ විරෝධයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුත් එක් වෙයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසමට කැඳවීමට විරෝධය පළ කරමින් පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගයේ පැවති විරෝධතාවය තවදුරටත් ක්‍රියාත්මකයි. මෙම විරෝධතාවය සඳහා මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ද එක්ව සිටින බවයි එහි රැදී සිටින හිරු වාර්තාකරු සදහන් කළේ.

Update : Tuesday, 21 April 2015 - 10:17
..............................................................................................................................................................................

මහින්ද වෙනුවෙන් ජනතාව අධි ආරක්ෂිත කලාපෙට ඇතුල් වෙයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසමට කැදවීමට විරෝධය පළ කරමින් පාර්ලිමේන්තු වට රවුම අසළින් පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගයේ මේ වන විට විරෝධතාවක් පැවැත්වෙනවා. ඒ සදහා ජනතාව මෙන්ම දේශපාලනඥයින් කිහිප දෙනෙකු ද එක්ව සිටින බවයි එම ස්ථානයේ සිටින හිරු වාර්තාකරු සදහන් කළේ. මෙම විරෝධතාව නිසා පාර්ලිමේන්තු සංකීර්ණයට පිවිසෙන මාර්ගය මාර්ග බාධක යොදා මේ වන විට වසා දමා තිබෙනවා.

තවද එම ස්ථානයට පැමිණ සිටි උසස් පොලිස් නිලධාරියෙකු විරෝධතාකරුවන්ට පෙන්වා දුන්නේ පාර්ලිමේන්තු සංකීර්ණය අවට ප්‍රදේශය අධි ආරක්ෂිත කලාපයක් බැවින් එහි උද්ඝෝෂණය සහ පෙළපාලි යාම තහනම් කරමින් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් තහනම් නියෝගයක් ද ලබාගෙන ඇති බවයි. බස්නාහිර පළාත් මහඇමති ප්‍රසන්න රණතුංග, පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිළ සහ මහජන එක්සත් පෙරමුණේ ලේකම් සෝමවීර චන්ද්‍රසිරි ඇතුළු පිරිසකට එරෙහිවයි මෙම තහනම් නියෝගය ලබාගෙන ඇත්තේ.

කොළ සහ තැඹිලි වර්ණ තීරු දෙක නොමැති ජාතික කොඩි ද විරෝධතාවයට එක්ව සිටි ඇතැම් පිරිස් රැගෙන විත් තිබූ බවයි එම ස්ථානයේ සිටින හිරු වාර්තාකරු තවදුරටත් කියා සිටියේ.

























ඡායාරූප  සහ වැඩි විස්තර බලාපොරොත්තු වන්න....


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories