තමාට එරෙහි විශ්වාසභංගය ගෙන එන ලෙස රවී කියයි

Wednesday, 22 April 2015 - 7:39

%E0%B6%AD%E0%B6%B8%E0%B7%8F%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%B7%E0%B6%82%E0%B6%9C%E0%B6%BA+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%91%E0%B6%B1+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%BB%E0%B7%80%E0%B7%93+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
මුදල් අමාත්‍යවරයා ලෙස තමන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාව හැකි ඉක්මණින් ගෙන එන්නැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක විපක්ෂයෙන් ඉල්ලා සිටිනවා. හිටපු  අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන ඊයේ (21) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ රටේ ආර්ථිකය බිඳ දැමීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට කටයුතු කරන බවයි.

කෙසේ වෙතත් මුදල් අමාත්‍ය රවී කරුණානායක ඊයේ රැස්වීමකට එක්වෙමින් කියා සිටියේ නොපමාව තමන්ට එරෙහිව විශ්වාසභංගය ඉදිරිපත් කරන ලෙසයි.

මේ අතර, කැළණිය ප්‍රදේශයේදී ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මුදල් අමාත්‍ය රවී කරුණානායක සම්බන්ධයෙන් අදහස් පළ කරමින් කියා සිටියේ මුදල් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ආ හොත් තමා ඊට විරුද්ධව අත ඔසවන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories