පහත්බිම්වල ජනතාව අවධානයෙන් ඉන්න

Wednesday, 22 April 2015 - 8:00

%E0%B6%B4%E0%B7%84%E0%B6%AD%E0%B7%8A%E0%B6%B6%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
පවතින අධික වර්ෂාව හේතුවෙන් රාජාංගනය, තබ්බෝව, ලූණුගම්වෙහෙර, උඩවලව යන ජලාශවල මෙන්ම දැදුරු ඔයේ ජල මට්ටම් ඉහළ යමින් පවතින බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා. මේ නිසා, ජලාශ ආශ්‍රීතව පහත්බිම්වල සිටින ජනතාව ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසයි එහි නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ සරත්ලාල් කුමාර ඉල්ලීමක් කළේ.  

මේ අතර, පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 6 කට නිකුත් කළ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 12 සඳහා ද ක්‍රියාත්මකයි.

කළු ගඟේ සහ අත්තනගලූ ඔයේ පිටාර ගැලීමේ අවදානම වර්ෂාව අඩුවීමත් සමඟ පාලනය වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා. හල්දුම්මුල්ල, නිකපොත - දමනීයතැන්න ප්‍රදේශයේ රබර් වත්තක ඇති වූ නායයෑම හේතුවෙන් එම ප්‍රදේශය අවට සිටි පවුල් 9 කට අයත් පුද්ගලයින් 36 දෙනෙකු ඉන් ඉවත් කර තිබෙනවා.  

මේ අතර, අද (22) දිනයේත් අපරභාගයේදී සහ සන්ධ්‍යා කාලයේදී දිවයිනේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ සජිත් වික්‍රමසූරිය කියා සිටියේ ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලික සුළං ද ඇතිවිය හැකි බවයි.

තබ්බෝව ජලාශයේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් වාන් දොරටු 20න් 19ක් විවෘත කළ අයුරු













ඡායාරූප - හිරාන් ප්‍රියංකර



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories