හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගෙන් මේ වනවිට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය ප්‍රකාශයක් ලබා ගනිමින් සිටිනවා. ඒ දිවිනැගුම දෙපාර්තමේන්තුවට අදාළව සිදුවී ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන්. ඇමෙරිකාවට ගොස් සිටි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ දිවයිනට පැමිණියේ ඊයේ (21) දිනයේදීයි. දිවිනැගුම දෙපාර්තමේන්තුවේ පාරිතෝෂිත මුදල් අක්‍රමිකතා, පසුගිය ජනාධිපතිවරණය සඳහා දිවිනැගුම දෙපාර්තමේන්තුවේ මුදල් වැය කිරීම, සමුළුවක් සඳහා රුපියල් මිලියන 70ක මුදලක් වැය කිරීම ඇතුළු මූල්‍ය අක්‍රමිකතා ගණනාවක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබුණා.
මේ අතර, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ද අද අල්ලස් කොමිසම හමුවට කැඳවා ඇති බව මීට පෙර වාර්තා වුණා. ඒ සම්බන්ධයෙන් හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී හිටපු ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කළේ තමන් හෙට දිනයේදී අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින බවයි.

Follow US
Most Viewed Stories