පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හැර වෙනත් විකල්පයක් නොමැත

Wednesday, 22 April 2015 - 18:59

%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD
19 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කරගැනීමට නොහැකිවුවහොත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හැර වෙනත් විකල්පයක් නොමැති බව එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කළා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී  විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා කොළඹ අද (22) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ පනත් කෙටුම්පත සම්මත කරගැනීම සඳහා අවශ්‍ය තුනෙන් දෙකක බලය පාර්ලිමේන්තුව තුළ තහවුරු කරගැනීම ජනාධිපතිවරයාගේ වගකීමක් බවයි.

කෙසේ වෙතත් 19 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කරගැනීම සඳහා ඡන්දය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් බව විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා කියා සිටියා. එහෙත් මැතිවරණ ක්‍රමය වෙනස්කිරීම දින 100 තුළ සිදුකිරීමට පොරොන්දු වී ඇති බවයි ඔහු සිහිපත් කළේ.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධ පාර්ලිමේන්තු විවාදයට ශ්‍රී  ලංකා නිදහස් පක්ෂය ඊයේ (21) දිනයේදි විරුද්ධ වීමට හේතු වූ  කරුණු සම්බන්ධයෙන් විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ අද (22) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් කරුණු  සදහන් කළා.






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories