බැසිල් ආවේ මම එපා කියද්දී - හිටපු ජනපති කියයි

Thursday, 23 April 2015 - 18:55

%E0%B6%B6%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%86%E0%B7%80%E0%B7%9A+%E0%B6%B8%E0%B6%B8+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%93+-+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
දේශපාලනඥයින් සිරගතවී පැමිණීමේ වරදක් තමා නොදකින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. මාතලේ - ශ්‍රී ධර්ම සිද්ධ්‍යාරාමයේ අද (23) පැවති උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. තමාද කලක් සිරගතව සිටි බව ප්‍රකාශ කළ හිටපු ජනාධිපතිවරයා, රාජ්‍ය නිලධාරීන් සිරගත කිරීම තමන් අනුමත නොකරන බව පෙන්වා දුන්නා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා සිටියේ අත්අඩංගුවට ගෙන සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට යළි දිවයිනට නොපැමිණෙන ලෙස තමන් ප්‍රකාශ කළ බවයි. එහෙත් ඔහු එවිට තමන් නිර්දෝෂී බැවින් මෙරටට පැමිණ චෝදනාවලට මුහුණදෙන බව තමන්ට ප්‍රකාශ කළ බවයි හිටපු ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේ.






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories