19 ගැන නිදහස් පක්ෂය කුමන්ත්‍රණයක

Thursday, 23 April 2015 - 19:11

19+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව සමාජය තුළ මේ වනවිට විවිධ අදහස් පළ වනවා. අද (23) පැවති මාධ්‍ය හමු කිහිපයකදී ද ඒ සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ අදහස් පළ වුණා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න කියා සිටියේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවේ සියලූ මන්ත්‍රීවරුන්ගේ සහය බලාපොරොත්තු වන බවයි.

19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් 18 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් විධායක ජනාධිපතිවරයාගේ බලතල ශක්තිමත් කිරීමට එකතු කළ වගන්ති පමණක් ඉවත් කිරීමක් සිදුවන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික චමීර කොස්වත්ත මේ බව සඳහන් කළා.

මේ අතර, බොදුබල සේනා සංවිධානය ද කොළඹදී අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එහිදී එම සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් 19 වන සංශෝධනය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් කියා සිටියේ හැකි ඉක්මනින් මහ මැතිවරණයක් කැඳවිය යුතු බවයි.

කෙසේ වුවත්, ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවූෆ් හකීම් මහනුවර පැවති රැස්වීමකදී ප්‍රකාශ කර සිටියේ විපක්ෂය වුවමනාවෙන්ම 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම මඟ හරින බවයි.

එමෙන්ම, 19 වන ව්‍යවස්ථාව සංශෝධනය සම්මත කර ගැනීමට කල් ගැනීම සම්බන්ධයෙන් නිදහස් පක්ෂයේ ක්‍රියා කලාපය පිළිබඳව සැකයක් පවතින බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. කොළඹ අද (23) පැවති මාධ්‍ය හමුවකදී එහි නායක අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියා.

මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද පස්වරුවේ කොළඹ පදනම් ආයතනයේදී කැඳවා තිබෙනවා. එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ඩිලාන් පෙරේරා කියා සිටියේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් තම පක්ෂයට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් එම රැස්වීමේදී විශේෂ අවධානය යොමුකරන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories