Update : අල්ලස් කොමිසම ඉදිරිපිට විරෝධතා මෙහෙය වූවන් ගැන පොලිසිය, අධිකරණයට කියයි

Friday, 24 April 2015 - 8:50

Update+%3A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA+%E0%B7%80%E0%B7%96%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%2C+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ අල්ලස් කොමිසම ඉදිරිපිට ඊයේ (23) සිදුකළ උද්ඝෝෂණය මෙහෙය වූ පුද්ගලයින්ට එරෙහිව කඩිනමින් නීතිමය පියවර ගන්නා බව පොලිසිය පවසනවා. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඉදිරිපිට කිසිදු ආකාරයේ උද්ඝෝෂණ නොපවත්වන ලෙසට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් පෙරේදා තහනම් නියෝගයක් නිකුත් කර තිබුණා. කෙසේ වෙතත්, ඊයේ දිනයේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ එම කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේදී දේශපාලනඥයින් ඇතුළු සංවිධාන කිහිපයක නියෝජිතයන් එය ඉදිරිපිටට රැස්ව සිටියා. එසේ රැස්ව සිටි පිරිස සම්බන්ධයෙන් අද (24) හෝ නුදුරු දිනකදී අධිකරණයට කරුණු වාර්තා කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ.

Update : Friday, 24 April 2015 - 13:08
----------------------------------------------------
අධිකරණ නියෝගයට පටහැනි උද්ඝෝෂණය :  සංවිධායකයෝ සොයති

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණය මෙහෙයවූ පුද්ගලයන්ට එරෙහිව අධිකරණයට වාර්තාවක් ලබාදීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පවසනවා. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් ප්‍රශ්න කිරීමට එරෙහිව පුද්ගලයින් පිරිසක් ඊයේ (23) උදෑසන කොමිෂන් සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වුණා. එවැනි උද්ඝෝෂණ පැවැත්වීම නීතිවිරෝධි බව පවසමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මගින් පෙරේදා දිනයේ නියෝගයක් නිකුත් කළා. අධිකරණ නියෝගයට පටහැනිව උද්ඝෝෂණය කිරීම හේතුවෙන් ඒ පිළිබඳ අධිකරණයට කරුණු වාර්තා කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories