Update: බැසිල් නිර්දෝෂයි - මහින්ද කියයි

Friday, 24 April 2015 - 13:09

Update%3A+%E0%B6%B6%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B6%AF%E0%B7%9D%E0%B7%82%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
තම සහෝදරයා වන බැසිල් රාජපක්ෂ නිර්දෝෂී බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද (24) කියා සිටියා. ඒ, රක්ෂිත බන්ධනාගාරගතව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ සුවදුක් විමසීම සඳහා පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

හිටපු ජනාධිපතිවරයා මාධ්‍ය වෙත අදහස් දැක්වීමට පෙර එම ස්ථානයට පැමිණි ජාතික රෝහලේ සේවකයෙකු කියා සිටියේ තමන්ට මෙම ස්ථානයට පැමිණීමට තම ප්‍රධානියෙකු  බාධා කළ බවයි.  

මෙහිදී මාධ්‍යවේදීන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන්, බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විමසා සිටියා. එහිදී ඔහු කියා සිටියේ රාජපක්ෂලා හොරුන් නොවන බවයි.        

මේ අතර, ලබන මැයි පළමු වනදා පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැළියට සහභාගී වීම සම්බන්ධයෙන්ද මාධ්‍යවේදීන් හිටපු ජනාධිපතිවරයාගෙන් විමසූ අතර, ඔහු කියා සිටියේ එදිනට පැමිණ ඒ පිළිබඳ අධ්‍යයනය කරන ලෙසයි.                          

හිටපු ජනාධිපතිවරයා බැසිල් රාජපක්ෂගේ සුවදුක් බැලීමට පැමිණි අවස්ථාවේ නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි, එස්.එම්.චන්ද්‍රසේන සහ සජින් ද වාස් ගුණවර්ධන යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග ද එහි පැමිණ සිටියා.



Update: Friday, 24 April 2015 - 07:14 PM
.....................................................................
හිටපු ජනපති හා බස්නාහිර මහඇමති ජාතික රෝහලේ

කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවක ප්‍රතිකාර ලබන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ සුවදුක් විමසීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද (24) එහි පැමිණියා. හිරු වාර්තාකරු කියා සිටියේ හිටපු ජනාධිපතිවරයා සමඟ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංගද එහි පැමිණි බවයි. මූල්‍ය අක්‍රමිකතා චෝදනා යටතේ පසුගියදා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවක් වෙත ඇතුළත් කෙරුණේ ඊයේ (23) පස්වරුවේදීයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories