නව මැතිවරණ ක්‍රමයේ මන්ත්‍රී ධුර ගැන පරස්පරයක්

Friday, 24 April 2015 - 13:13

%E0%B6%B1%E0%B7%80+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
නව මැතිවරණ ක්‍රමය යටතේ යෝජිත පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර සංඛ්‍යාව සම්බන්ධයෙන් පරස්පර විරෝධී තත්ත්වයක් මතුව තිබෙනවා. අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීම සඳහා කොළඹ ඊයේ (23) කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී අනාවරණය වූයේ නව මැතිවරණ පනත් කෙටුම්පත යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර සංඛ්‍යාව 238 ක් විය යුතු බවයි. දැනට පාර්ලිමේන්තුව මන්ත්‍රී ධුර 225 කින් සමන්විතයි. ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අනුව දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රී ධුර 225 ට තවත් මන්ත්‍රී ධුර 13 ක් එක් වනවා. එහිදී යාපනය දිස්ත්‍රික්කය ඡන්ද කොට්ඨාස 11 කට බෙදා ඇති අතර, දැනට එම කොට්ඨාස 11 ටම හිමිව ඇත්තේ මන්ත්‍රී ධුර 07 ක් පමණයි. නව සංශෝධනයට අනුව ඡන්ද කොට්ඨාස 11 ටම එක් මන්ත්‍රීවරයෙකු බැගින් දැනට පවතින මන්ත්‍රී ධුර සංඛ්‍යාව තවත් 04 කින් වැඩි කිරීමට යෝජනා වී ඇති බව කැබිනට් මාධ්‍ය හමුවේදී අනාවරණය වුණා. එමෙන්ම, මහනුවර දිස්ත්‍රික්කය ඡන්ද කොට්ඨාස 07 කින් සැදුම් ලබන අතර, දැනට එම දිස්ත්‍රික්කයට හිමි මන්ත්‍රී ධුර සංඛ්‍යාව 06 ක්. එම සංඛ්‍යාවද ඡන්ද කොට්ඨාස ගණනට අනුව එකකින් වැඩි කිරීමටත් බහු ආසන 08 ක් අලූතින් එක් කිරීමටත් නව මැතිවරණ සංශෝධනය යටතේ සැලසුම් කර තිබෙනවා.

කෙසේ වෙතත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සකස් කළ නව මැතිවරණ ක්‍රමයට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර සංඛ්‍යාව 255 ක් වන බවයි.

ඊයේ රාත්‍රියේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා සහ විධායක සභා රැස්වීමේදී නව මැතිවරණ ක්‍රමයක් ඇතුළත් 20 වන සංශෝධනය කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිවරයා සහය ලබාදෙන බව ප්‍රකාශ කළ බවයි එම පක්ෂයේ මහ ලේකම් හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories