ප්‍රසන්නයි ගම්මන්පිලයි ඇතුළු 27 කට නොතිසි

Friday, 24 April 2015 - 16:33

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA%E0%B7%92+%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B6%BA%E0%B7%92+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+27+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B1%E0%B7%9C%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B7%92
අල්ලස් කොමිසම ඉදිරිපිට ඊයේ පැවැති උද්ඝෝෂණය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ස්වාමින් වහන්සේලා කිහිප නමක් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පළාත් සභා මන්ත්‍රීවරුන් ප්‍රමුඛ 27 දෙනෙකුට අධිකරණය අද නොතීසි නිකුත් කළා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මෙම නියෝගය සිදුකළේ පොලීසිය මේ පිළිබදව අධිකරණයට කළ කරුණු දැක්වීමක් සලකා බැලීමෙන්. අල්ලස් කොමිසම ඉදිරිපිට විරෝධතා පැවැත්වීමෙන් වළකින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පෙරේදා නියෝගයක් නිකුත් කර තිබුණා. එය කඩ කරමින් ඊයේ විරෝධතාවයේ යෙදීම හේතුවෙනුයි පොලීසිය ඒ පිළිබදව අධිකරණයට කරුණු වාර්තා කළේ. ඒ අනුව මැයි 8 වන දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මෙම පිරිසට නියෝග කර තිබෙනවා.

ඒ අනුව අධිකරණයෙන් නොතීසි නිකුත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙසේය..

ඩලස් අලහප්පෙරුම
ජානක ප්‍රියන්ත බණ්ඩාර
බන්දුල ගුණවර්ධන
ගාමිණී ලොකුගේ
එස්.එම්. චන්ද්‍රසේන
වීරකුමාර දිසානායක
ජයන්ත කැඩගොඩ
සරත් වීරසේකර
රොෂාන් රණසිංහ

අධිකරණයෙන් නොතීසි නිකුත් කළ පළාත් සභා මන්ත්‍රීවරුන් මෙසේය..

බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග
උදය ගම්මන්පිළ
රොජර් සෙනෙවිරත්න

අධිකරණයෙන් නොතීසි නිකුත් කළ  ස්වාමින් වහන්සේලා මෙසේය..

පූජ්‍ය මැදගොඩ අභයතිස්ස,
පූජ්‍ය වටිනාපහ සෝමානන්ද
ගලගොඩඅත්තේ ඥානසාර

මේ අතර, පාර්ලිමේන්තු සංකීර්ණයේ අද පැවති මාධ්‍ය හමුවකදී හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කළේ ඊයේ පැවති විරෝධතාවයේදී අධිකරණ නියෝග උල්ලංඝනය කිරීමක් සිදුනොවුනු බවයි. එහිදී ඔහු ගිරවෙකු නොවී මාල ගිරවෙකු වන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් ඉල්ලීමක්ද කළා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories