දූෂණයට එරෙහි ක්‍රියාමාර්ග නවත්වන්නේ නැහැ

Friday, 24 April 2015 - 19:21

%E0%B6%AF%E0%B7%96%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C+%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
දූෂණයට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග කිසිවිටෙකත් නතර කිරීමට සූදානම් නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ සංචාරක හා ක්‍රීඩා අමාත්‍යාංශයේ පසුගිය කාලයේ සිදුවූ බව කියන දූෂණ සම්බන්ධයෙන් සෙවීමට පත් කළ ත්‍රිපුද්ගල කමිටු වාර්තාව පිළිගනිමින්. ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක එම වාර්තාව අරලියගහ මන්දිරයේදී අද (24) පස්වරුවේ අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගන්වනු ලැබුවා. සුගතදාස ක්‍රීඩාංගණයේ මීටර් 400යේ ධාවන පථය නැවත එළීම සහ ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ විකාශන අයිතිය ලබාදීම ඇතුළු කරුණු 18ක් ඊට ඇතුළත්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories