විග්නේෂ්වරන් සීමාව ඉක්මවා යයි - ඉන්දීය මාධ්‍යවලින් චෝදනා

Saturday, 25 April 2015 - 8:08

%E0%B7%80%E0%B7%92%E0%B6%9C%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F%E0%B7%80+%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%80%E0%B7%8F+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F
තමිල්නාඩුවේ ආශ්‍රමයකදී ස්ත්‍රී දූෂණ සහ මිනිමැරුම් සිදුකිරීම සම්බන්ධයෙන් ප්‍රේමානන්ද නමැති පූජකවරයා සමඟ සිරගත කළ ශ්‍රී ලාංකිකයන් 4 දෙනෙකු නිදහස් කරන ලෙස උතුරේ මහඇමති සී.වී. විග්නේෂ්වරන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇති බව එරට මාධ්‍ය ප්‍රකාශ කළා. ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත සඳහන් කළේ එමගින් උතුරේ මහඇමතිවරයා රාජ්‍යතාන්ත්‍රික ආචාර ධර්ම උල්ලංගණය කර ඇත්දැයි සැකයක් මතුවන බවයි. තමිල්නාඩුවේ පුදුකෝට්ටේ ප්‍රදේශයේ ආශ්‍රමයක් පිහිටුවා ගෙන පූජකයෙකු ලෙස කටයුතු කළ රවී හෙවත් ප්‍රේමානන්ද නමැත්තා ද ශ්‍රී ලාංකිකයෙක්.

කෙසේ නමුත්, ඔහු සමඟ සිරගත කළ වෙනත් ශ්‍රී ලාංකිකයන් 4 දෙනෙකු, නිදහස් කරන ලෙසයි උතුරේ මහඇමතිවරයා යොමු කර ලිපියේ දැක්වෙන්නේ. ඔවුන් එම ආශ්‍රමයේ සිටි ලාබාල දැරියන් නොමඟ යවා පූජකවරයා වෙත යොමු කළ බවට චෝදනා ලබා සිටි අයයි. මෙහිදී දූෂණයට ලක්වූ දැරියන් සියලූ දෙනාම ශ්‍රී ලාංකිකයන් වීම ද විශේෂත්වයක්. ඊට අමතරව ආශ්‍රමයේ සිටි ඉංජිනේරුවෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ද ප්‍රේමානන්ද පූජකවරයා වරදකරු බවට පත්වුණා. ඔවුන් සියලූ දෙනාටම ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම වූයේ 1994 වසරේදියි.

උතුරේ මහඇමති විග්නේෂ්වරන් මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඔහු ප්‍රකාශ කර ඇත්තේ ප්‍රේමානන්ද සිද්ධිය සම්බන්ධයෙන් සිරගතව සිටින ශ්‍රී ලාංකිකයෙකුගේ දියණිය සිදුකළ ඉල්ලීමක් පමණක් තමා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත යොමු කළ බවයි. ඔවුන් උතුරු පළාතේ වැසියන් බැවින් එම ඉල්ලීම සලකා බලන ලෙස තමා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ලා සිටි බව උතුරේ මහඇමති සී.වී. විග්නේෂ්වරන් තම නිවේදනයෙන් ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories