ලෙඩ නැති රැදවියන් බන්ධනාගාර රෝහලේ රඳවා ගන්න එපා

Saturday, 25 April 2015 - 8:48

%E0%B6%BD%E0%B7%99%E0%B6%A9+%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B7%90%E0%B6%AF%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+%E0%B6%BB%E0%B6%B3%E0%B7%80%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F
බන්ධනාගාර වෛද්‍යවරුන් හට විශේෂ උපදෙස් මාලාවක් ඇතුළත් දැනුවත් කිරීමේ ලිපියක් යොමු කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් රෝහණ පුෂ්පකුමාර පවසනවා. ඔහු මේ බව සදහන් කළේ පාර්ලිමේන්තු සංකීර්ණයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී හිටපු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අප කළ විමසීමකදියි. හිටපු අමාත්‍යවරයා එහිදී කියා සිටියේ බැසිල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ චක්‍රලේඛයක් පිළිබද අනාවරණ වූ බවයි. එය හදිසියේ ඉදිරිපත් කළ විශේෂ චක්‍රලේඛයක් බව ද ඔහු කියා සිටියා.

කෙසේ වෙතත්, බන්ධනාගාර කොමසාරිස්වරයා සදහන් කළේ එවැනි චක්‍රලේඛයක් නිකුත් කර නොමැති බවයි. නමුත් බන්ධනාගාර වෛද්‍යවරුන් හට විශේෂ දැනුවත් කිරීමක් මීට සති කිහිපයකට පෙර නිකුත් කළ බවයි ඔහු සදහන් කළේ. ඒ අනුව රක්ෂිත බන්ධනාගාරයට නියම වූ රැදවියන් රෝගී තත්ත්වයක් නොමැතිව රෝහල්ගතවීම සම්බන්ධයෙන් අදාළ වෛද්‍යවරුන් වගකිව යුතු වනවා. මීට අමතරව රෝගී තත්ත්වයක් නොමැතිව යම්කිසි රැදවියෙක් බන්ධනාගාර රෝහලේ ඇතුළත් වී සිටින්නේ නම්, වහාම ඔවුන් ඉවත් කිරීමට කටයුතු කිරීම බන්ධනාගාර වෛද්‍යවරුන්ගේ වගකීමක් බවයි කොමසාරිස් ජනරාල් එම්.ඞී. රෝහණ පුෂ්පකුමාර වැඩිදුරටත් හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories