ෆුල් ෆේස් දමාගෙන තරුණයින් වැඩ පෙන්නයි

Saturday, 25 April 2015 - 20:41

%E0%B7%86%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B7%86%E0%B7%9A%E0%B7%83%E0%B7%8A+%E0%B6%AF%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA%E0%B7%92
ෆුල්ෆේස් හෙවත් සම්පූර්ණයෙන් මුහුණු ආවරණය සහිත හිස් වැසුම් පැළඳීම තහනම් කිරීමේ නීතියට එරෙහිව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අද (25) යෝජනාවක් සිදුකළා. කොළඹ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එම ව්‍යාපාරයේ සංවිධායකවරයෙකු වන බී.ආර්.ඩබ්ලිව්. බාලසූරිය සඳහන් කළේ ෆුල්ෆේස් හෙල්මට් පැළඳි පුද්ගලයෙකු යතුරුපැදියෙන් බැස යාමේදී සම්පූර්ණයෙන් මුහුණු ආවරණය කළ හිස්වැසුම් ඉවත් කළ යුතු බවට නව නීතියක් හඳුන්වා දිය යුතු බවයි.

ෆුල්ෆේස් හෙල්මට් පැළඳීම තහනම් කරමින් පොලීසිය ගෙන ආ නීතිය වළක්වාලමින් පසුගියදා අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. එම අතුරු තහනම් නියෝගය ලබන 28 වනදා දක්වා ක්‍රියාත්මකයි. පොලිසිය පැනවූ තහනම අභියෝගයට ලක් කරමින් පුද්ගලයන් දෙදෙනෙකු අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබූ පෙත්සම් දෙකක් සලකා බැලීමෙන් අනතුරුවයි අභියාචනාධිකරණය  නියෝගය නිකුත් කරනු ලැබුවේ.

මේ අතර,  සම්පූර්ණයෙන් මුහුණු ආවරණය කළ හිස්වැසුම් පැළඳීමට ඇති අයිතිය වෙනුවෙන් මහනුවර - ගැටඹේ ක්‍රීඩාංගනය අසලදී පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය හෙට දිනයේ විරෝධතාවයක ද නිරතවීමට නියමිතයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories