19 වන ව්‍යවස්ථා සංශෝධනය මහනාහිමිවරුන් වෙත

Sunday, 26 April 2015 - 19:21

19+%E0%B7%80%E0%B6%B1+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%AD
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේදී හෙට (27) පැවැත්වෙනවා. ඒ පිළිබඳ ඡන්ද විමසීම අනිද්දා පස්වරුවේ සිදුකිරීමට නියමිතයි. මේ අතර, ජනාධිපතිවරයා අද (26) 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ කෙටුම්පතක් මල්වතු මහනාහිමියන්ට සහ අස්ගිරි අනුනායක හිමියන්ට පිළිගන්වනු ලැබුවා. එහිදී මල්වතු මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් සහ අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සී අනුනායක හිමියන් ව්‍යවස්ථා සංශෝධනයට ආශිර්වාදය පළ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ.

අනතුරුව ජනාධිපතිවරයා ගැටඹේ රාජෝපවනාරාම විහාරස්ථානයට ගොස් විහාරාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියන් බැහැ දැක ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පිළිගන්වනු ලැබුවා.                             

මේ අතර, කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකදී සමාජවාදී ජනතා පෙරමුණේ ප්‍රධාන ලේකම් රාජා කොල්ලූරේ ප්‍රකාශ කළේ ශ්‍රේෂ්ඨාධිකරණ මඟ පෙන්වීම්වලින් තොරව 19 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන්නේ නම්, ඊට සහාය ලබාදීම ගැටළුසහගත බවයි.

19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගත යුතු බව පවසමින් පුරවැසි බලය සංවිධානය ද කොළඹ දී අද මාධ්‍ය හමුවක් කැදවා තිබුණා. ඊට ලේඛකවරුන් වන ජයතිලක කම්මැල්ලවීර, උපුල් ශාන්ත සන්නස්ගල, සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායක මෙන්ම නිරෝෂා විරාජිනී, කසුන් කල්හාර, සෞම්‍ය ලියනගේ, ඉන්ද්‍රචාප ලියනගේ සහ සමනලී ෆොන්සේකා යන කලාකරුවන් ද එක්ව සිටියා. එහිදී අදහස් දැක්වූ ලේඛක උපුල් ශාන්ත සන්නස්ගල කියා සිටියේ විධායක ජනාධිපති බලතල අහෝසි කිරීම ජනතා අපේක්ෂා ඉටු කරන්නක් බවයි.

මේ අතර, 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම සඳහා සහාය ලබාදිය යුතු බවට බල කරමින් අද මහනුවර නගර මධ්‍යයේ උද්ඝෝෂණයක් පැවැත්වුණා. පුරවැසි එකමුතුව නම් සංවිධානය මෙම උද්ඝෝෂණය සංවිධාන කර ඇති අතර, ඊට විශ්වවිද්‍යාල සිසුන් සහ තවත් ශිෂ්‍ය සංවිධාන කිහිපයක් එක්ව සිටි බවයි අප වාර්තාකරු සදහන් කළේ. එසේම මහජන එක්සත් පෙරමුණේ විකල්ප කණ්ඩායම මේ පිළිබදව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනමාධ්‍ය පාලනය කිරීමට අදාළ කරුණු සම්බන්ධයෙන් තම දැඩි අවදානය යොමු වී ඇති බවයි. ජනමාධ්‍ය නිදහසට බාධා වන කිසිදු වගන්තියක් ඊට ඇතුළත් නොකළ යුතු බව එහි සඳහන් වුණා. 

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමේ වැදගත්කම සම්බන්ධයෙන් කරුණු දැක්වූ කසුන් කල්හාර, සමනලී ෆොන්සේකා, සෞම්‍ය ලියනගේ.




















Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories