Update : නේපාල භූ කම්පනයේ මරණ සංඛ්‍යාව 3600 ඉක්මවයි

Monday, 27 April 2015 - 8:54

Update+%3A+%E0%B6%B1%E0%B7%9A%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD+%E0%B6%B7%E0%B7%96+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+3600+%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%80%E0%B6%BA%E0%B7%92
වසර 80කින් නේපාලයට බලපෑ දරුණුතම භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 3617 දක්වා ඉහළ ගොස් තිබෙනවා. තුවාල ලැබූ සංඛ්‍යාව 6515ක් ලෙසයි සටහන් වන්නේ. කෙසේ නමුත්, සුන්බුන් අතරින් මළ සිරුරු තවදුරටත් සොයා ගැනීමත් සමඟ මරණ සංඛ්‍යාව ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. භූ කම්පනයත් සමඟ එවරස්ට් කඳු තරණයට ගිය 17 දෙනෙකු හිමපතනයට ලක්ව ජීවිතක්ෂයට පත්වුණා. එහි සිටි 200කට අධික කඳු නගින්නන් මේ වන විට බේරා ගැනීමට හැකි වී තිබෙනවා. මේ අතර, විදෙස් වාර්තා සදහන් කළේ මහා භූ කම්පනය සහ අතුරු කම්පන හේතුවෙන් අවතැන්වූවන් රැදී සිටින කත්මණ්ඩු අගනුවර කූඩාරම් නගරයක් ලෙස දිස් වන බවයි.

Update : Monday, 27 April 2015 - 11:38
--------------------------------------------------------------

නේපාල භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 3200 ඉක්මවයි

නේපාලයේ හටගත් භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව මේ වනවිට 3200 ඉක්මවා ඇති බව විදෙස් වාර්තා පවසනවා. එමෙන්ම හත්දහසකට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව සඳහන්. මේ අතර භූ කම්පනයෙන් විපතට පත්වූවන් බේරාගැනීම සඳහා අද දිනයේ තවත් ඉන්දීය සහන කණ්ඩායම් විස්සක් නේපාලය බලා පිටත්ව යාමට නියමිත බව ඉන්දීය මාධ්‍ය පවසනවා. 

Update : Monday, 27 April 2015 - 9:37
--------------------------------------------------------------
නේපාල භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 2500 ඉක්මවයි

නේපාලයේ හටගත් භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව මේ වනවිට 2500 ඉක්මවා ඇති බව විදෙස් වාර්තා පවසනවා. එමෙන්ම පන්දහසකට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව සඳහන්. ඊයේ දිනයේත් පසු කම්පන කිහිපයක් ඇතිවී තිබෙනවා. මේ වනවිට විපතට පත් ජනතාවට සහන සැළසීම සඳහා ඉන්දියාව සහ අසල්වාසී රටවල සිට ආධාර රැගත් කණ්ඩායම් රැසක් නේපාලයට පැමිණ ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories