19 වන ව්‍යවස්ථා සංශෝධන විවාදය අද ඇරඹේ

Monday, 27 April 2015 - 8:13

19+%E0%B7%80%E0%B6%B1+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේදී අද පැවැත්වෙනවා. ඒ පිළිබඳ ඡන්ද විමසීම හෙට පස්වරුවේ සිදුකිරීමට නියමිතයි. ජනාධිපතිවරයා විසින් පනත් කෙටුම්පත පිළිබඳ විවාදය පෙරවරු 9.30ට පමණ ආරම්භ කරන බවයි අමාත්‍ය පියසේන ගමගේ හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ. පනත් කෙටුම්පත සම්මත කර ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්දය භාවිත කිරීමට තීරණය කර ඇති බව ද අමාත්‍යවරයා සදහන් කළා. ඊට පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සහ විධායක සභාවේ අනුමැතිය හිමි වූ බව ද අමාත්‍ය පියසේන ගමගේ වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර, 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය ද ඡන්දය ප්‍රකාශ කරන බව නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න ප්‍රකාශ කළා. හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මෙම සංශෝධනය සම්මත කර ගැනීමට කැප වීම සියලූ දෙනාගේම වගකීමක් බවයි.

ජනතා විමුක්ති පෙරමුණ ද 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සඳහා සිය සහාය පළ කිරීමට සූදානම්.    

මේ අතර,  ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ දෙමළ ජාතික සන්ධානය ද 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමට කැමැත්ත පළ කර තිබෙනවා. කෙසේ වෙතත්, දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 3 දෙනෙකු, සංශෝධනයට සහාය දැක්වීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් යළි සලකා බලන ලෙස එහි නායක ආර්. සම්බන්ධගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

කෙසේ වෙතත් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී පී. අරියනේන්ද්‍රන් සඳහන් කළේ 19 වන ව්‍යවස්ථා සංශෝධනයට සහයදීමට දෙමළ ජාතික සන්ධානය මේ වනවිට තීරණය කර ඇති බවයි.

19 වන ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පත සම්මත කරගැනීම තවදුරටත් අවිනිශ්චිත බව මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළා.  

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ යෝජනා කර ඇති සංශෝධන නොමැති පනතකට ඡන්දය ලබාදීම සුදුසු නොවන බවයි.

කොළඹ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී සමාජවාදී ජනතා පෙරමුණේ ප්‍රධාන ලේකම් රාජා කොල්ලූරේ ප්‍රකාශ කළේ ශ්‍රේෂ්ඨාධිකරණ මඟ පෙන්වීම්වලින් තොරව 19 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන්නේ නම්, ඊට සහාය ලබාදීම ගැටළුසහගත බවයි. එම මාධ්‍ය හමුවට ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියසිරි විජේනායක, ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් හිටපු අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ සහ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම්, හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර ද එක්ව සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories