දයා අල්විස් ජීවන රඟ මඩලින් සමුගනී

Monday, 27 April 2015 - 8:17

%E0%B6%AF%E0%B6%BA%E0%B7%8F+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B6%B1+%E0%B6%BB%E0%B6%9F+%E0%B6%B8%E0%B6%A9%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
ප්‍රවීන රංගන ශිල්පී දයා අල්විස් අද අලූයම අභාවප්‍රාප්ත වී තිබෙනවා. රිය අනතුරකට ලක්ව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදියි ඔහු ජීවිතක්ෂයට පත්ව ඇත්තේ. 72 හැවිරිදි ප්‍රවීන රංගන ශිල්පී දයා අල්විස් ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දින කිහිපයක් ප්‍රතිකාර ලැබූ අතර ඔහුගේ හිසෙහි අභ්‍යන්තරයේ සිදුවූ ලේ ගැලීමක් හේතුවෙන් ඔහු ජීවිතක්ෂයට පත්වූ බවයි ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්‍ෂ තුසිත සේනාරත්න හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ. 1966 වර්ෂයේදී වෙසතුරු සිරිත චිත්‍රපටයෙන් රංගන ජීවිතය ආරම්භ කළ දයා අල්විස් බඹරු ඇවිත්, මහගෙදර වැනි චිත්‍රපට රැසකට සිය රංගන දායකත්වය ලබාදී තිබෙනවා. එමෙන්ම ටෙලි නාට්‍ය රැසකටද රංගනයෙන් සිය දායකත්වය ලබාදුන්නා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories