ඉන්දීය හමුදාපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය කල් යයි

Monday, 27 April 2015 - 9:25

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
මෙරටට පැමිණීමට නියමිතව තිබූ ඉන්දියානු යුද හමුදාපති ජෙනරාල් ඩල්බීර් සිං ගේ නිල සංචාරය තාවකාලිකව කල් දමා ඇති බව යුද හමුදා මාධ්‍ය අංශය පවසනවා. දින 5 ක සංචාරයක් සඳහා ඉන්දීය යුද හමුදාපතිවරයා අද මෙරටට පැමිණීමට නියමිතව තිබූ බවයි මීට පෙර වාර්තාවුණේ. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මිත්‍රත්වය හා අන්‍යෝන්‍ය සහයෝගීතාවය වර්ධනය කර කර ගැනීම මෙම සංචාරයේ අරමුණව තිබුණා. නේපාලයේ සිදුවූ භූ කම්පනය ආශ්‍රිතව ඇතිවූ සේවා අවශ්‍යතාවක් මත මෙම සංචාරය කල් දමා ඇති බව ඉන්දීය හමුදාපතිවරයාගේ කාර්යාලය තහවුරු කර ඇති බව යුද හමුදා මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories