පසුගිය සෙනසුරාදා අගුනකොළපැලැස්ස ප්‍රදේශයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැති තුමා සහභාගී වූ උත්සවයක් පැවැත්වෙන අවස්ථාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ ආරක්ෂක නිලධාරිකයෙකු යැයි කියන ලබන යුධ හමුදා කෝප්රල් වරයෙක් ඔහුගේ ගිණි අවියද සමඟ උත්සව භූමියට පැමිණ ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා හිරු ප්රවෘත්ති අංශයට පැවසුහ.
කෙසේ නමුත් විශේෂ කාර්ය බලකාය විසින් එම පැමිණි තැනැත්තාව ඉන් ඉවත් කර ඇති බවත් මෙම සිද්දිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට පොලිස්පති තුමාගේ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමා වැඩි දුරටත් හිරු ප්රවෘත්ති අංශයට පවසා සිටියේය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් සඳහන් වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා බවට අන්තර්ජාලයේ විවිධ පුවත් ප්‍රචාරය වෙමින් පවතී.
එලෙස පලවන අන්තර්ජාල ප්‍රචාර සම්බන්ධයෙන් සත්‍ය අසත්‍ය දැනගැනීම සඳහා අප හිරු ප්රවෘත්ති අංශය විසින් නාමල් රාජපක්ෂ මහතාගෙන් විමසීමක් සිදු කළේය.
එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා
" එහෙම සිදු වීමක් අපේ දැනුම මත සිදු වුනේ නැහැ. අනිත් එක මම ඒ ගියපු ගමේ අයත් එක්කත් කතා කරලා බැලුවා එහෙම කිසිම කෙනෙක් ආයුධයක් එක්ක හම්බෙච්ච කතාවක්වත් නෑ, අනෙක අපේ අයට ආයුධ ඇත්තෙත් නෑ.ඒ ගැන සැකයක් තියෙනවා නම් පරීක්ෂණයක් කරන එක තමා හොඳ."
[MP3]s108382[/MP3]

Follow US
Most Viewed Stories