ජීප් රියක්, දුම්රියක ගැටී 4 දෙනෙකු මරුට

Monday, 27 April 2015 - 16:50

%E0%B6%A2%E0%B7%93%E0%B6%B4%E0%B7%8A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%2C+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93+4+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
උතුරු දුම්රිය මාර්ගයේ කිලිනොච්චි - මාන්කුලම - හින්දුපුරම් ප්‍රදේශයේදී දුම්රිය එන්ජිමක මෝටර් රථයක් ගැටීමෙන් අද (27) පස්වරුවේ පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මෝටර් රථයේ ගමන් ගත් තවත් පුද්ගලයින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර ඇති බවයි. යාපනයේ සිට වව්නියාව දක්වා ධාවනය වූ දුම්රිය එන්ජිමක් යාපනය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයට ආසන්නයේ ඇති දුම්රිය හරස් මාර්ගයකදී මෝටර් රථයේ ගැටී ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.
 
අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූයේ අවුරුදු 10 ක කුඩා ගැහැණු දරුවෙකු සහ ඇයගේ මව, පියා සහ තවත් පිරිමි පුද්ගලයෙකුයි. අනතුරට පත්වූවන් කොළඹ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් බවයි වාර්තා වන්නේ. මිය ගිය පුද්ගලයන් සන්තකයේ තිබූ මහරගම සහ කිරිබත්ගොඩ ලිපිනයන් සහිත හැඳුනුම්පත් දෙකක් ද හමුවී තිබෙනවා. රෝහිත සමරසේකර, වසන්ත පෙරේරා, දීපිකා පෙරේරා සහ උනාලි පෙරේරා නමැති 8 හැවිරිදි දැරියකුයි මෙලෙස මිය ගොස් ඇත්තේ. අනතුරට මුහුණ දී ඇත්තේ ඩබ්ලිව්.පී.සී.ඒ.සී. 2951 දරණ මෝටර් රථයයි.















Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories