පැයකින් දෙකකින් ආණ්ඩු පෙරළියක් සිදුකළ හැකිද ? - හිටපු ජනපති

Monday, 27 April 2015 - 19:15

%E0%B6%B4%E0%B7%90%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B7%85+%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%AF+%3F+-+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
මීළඟ මහමැතිවරණයේදී අගමැති තරඟයට ඉදිරිපත් වන බව නිශ්චිත වශයෙන් පැවසිය නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. අල්ජසීරා රූපවාහිනිය  සමඟ සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ ඒ සඳහා ඉදිරිපත් වුවහොත් තමාට ජයග්‍රහණය කිරීමට අවස්ථාවක් පවතින බවයි. යුද්ධයෙදි අසීමිත බලය යෙදවූ බවට සහ මානව හිමිකම් උල්ලංගණය කළ බවට එල්ල වන චෝදනා ද හිටපු ජනාධිපතිවරයා මෙහිදී ප්‍රතික්ෂේප කළා. අල්ජසීරා මාධ්‍යවේදිනිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් විමසූ කරුණක් වූයේ පසුගිය ජනවාරි 8 වන දා ජනාධිපතිවරණයේ අවසන් හෝරා කිහිපය තුළදී ආණ්ඩු බලය යළි ලබා ගැනීමට කුමන්ත්‍රණයක් දියත් කළේ ද යන්නයි.

මේ, එහිදී හිටපු ජනාධිපතිවරයා දැක්වූ අදහසයි,

‘‘එය සැබවින්ම විහිලූවක්. පැයක් දෙකක් වැනි කාලයක් තුළ කුමන්ත්‍රණයකින් බලය ලබා ගන්න උත්සාහ කළ බව කීම විශ්වාස කළ හැකි ද? ඒ විදියට ආණ්ඩු බලය ලබා ගන්න මට කොහොමවත් වුවමනාවක් තිබුණේ නැහැ. මම තීරණය කරලයි තිබුණේ පැරදුණොත් බලය ලබාදෙන්න. යුද්ධෙදි අසීමිත බලය අනව්‍යශ පරිදි යෙදවූ බවට ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් වුණා. එය මට එරෙහිව සංවිධානාත්මකව පවත්වාගෙන ගිය ව්‍යාපාරයක් බව කිව යුතුයි. රටේ මීළඟ අගමැති වන බව මම කියන්නේ නැහැ. එහෙත් මම තරඟ කළොත් දිනන බව විතරක් කිව යුතුයි.’’



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories