Update: 19 වන සංශෝධනය පිළිබඳ ඡන්ද විමසීම ඇරඹෙයි

Tuesday, 28 April 2015 - 8:03

Update%3A+19+%E0%B7%80%E0%B6%B1+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B7%83%E0%B7%93%E0%B6%B8+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%99%E0%B6%BA%E0%B7%92
19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදය  අවසන් කර අද (28) පස්වරු 6 ට ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතව තිබුණත් පස්වරුවේ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීම නිසා ඡන්ද විමසීම  පැයකින් ප්‍රමාද විය.
Update : Teusday, 28 April 2015 - 19:06
------------------------------------------------
 
19 වන සංශෝධනයේ ඡන්ද විමසීම අද

19 වන ව්‍යවස්ථා සංශෝධනයට විපක්ෂය ඉදිරිපත් කළ සංශෝධන 08න් 06කට ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට ආණ්ඩුවෙන් සහ විපක්ෂයෙන් පත් කළ කමිටුවේ එකඟතාවයකට පැමිණ තිබෙනවා. මෙම කමිටුව නියෝජනය කරන නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා කියා සිටියේ ව්‍යවස්ථාදායක සභාවට පත් කෙරෙන නියෝජිතයන් 05 දෙනා සම්බන්ධයෙන් සහ අමාත්‍ය මණ්ඩලය පත් කිරීමේදී ජනාධිපතිවරයා අගමැතිවරයාගෙන් විමසිය යුතු බවට පවතින සංශෝධන දෙකට විපක්ෂය විරෝධය පළ කළ බවයි. ව්‍යස්ථාදායක සභාවට පත්කෙරෙන සාමාජිකයන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වියයුතු බවට සහ අමාත්‍ය මණ්ඩලය පිළිබඳ තීරණය ගත යුත්තේ ජනාධිපතිවරයා යන්න විපක්ෂයෙන් ඉදිරිපත් කළ සංශෝධනයි.

ඊයේ දහවල් පක්ෂ නායකයින් පාර්ලිමේන්තුවේදී රැස්වූයේ ජනාධිපති සහ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන්. එහිදී විපක්ෂය 19 ට සංශෝධන 08ක් ඉදිරිපත් කළා. මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මැති ඇමතිවරුන් 06 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කෙරුණා. ඊට ආණ්ඩුව නියෝජනය කරමින් රවුෆ් හකීම්, අජිත් පී පෙරේරා සහ එම්.ඒ. සුමන්දිරන් යන මන්ත්‍රීවරුන් ඇතුළත් වූ අතර විපක්ෂයෙන් පත් කෙරුණේ අනුර ප්‍රියදර්ශන යාපා, රජිව් විජේසිංහ සහ ෆයිසර් මුස්තාෆායි.

මොවුන් ඊයේ පස්වරුව දක්වා විපක්ෂයෙන් ඉදිරිපත් කළ සංශෝධන සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණීම සඳහා සාකච්ඡා කර තිබෙනවා.  

නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් මෙම කමිටුවට පත් කෙරුණු සාමාජිකයන් තිදෙනා ඊයේ රාත්‍රියේ ජනාධිපතිවරයා හමුවී සාකච්ඡාවල ප්‍රගතිය දැනුම්දුන් බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අද පෙරවරුවේද තවදුරටත් සාකච්ඡා පැවැත්වෙන අතර පෙරවරු 10 ට පක්ෂ නායක රැස්වීමක්ද කැඳවා තිබෙනවා.  

19 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වෙනවා. 19 වන සංශෝධනය දෙවන වර කියවීම පාර්ලිමේන්තුවේදී ඊයේ සිදුවූ අතර ඒ සඳහා පැවති විවාදයේදී  පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ, ඩිව් ගුණසේකර සහ වාසුදේව නානායක්කාර අදහස් දක්වනු ලැබුවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories