Update: 48ක් යයි - 42ක් එයි

Tuesday, 28 April 2015 - 10:06

Update%3A+48%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+-+42%E0%B6%9A%E0%B7%8A+%E0%B6%91%E0%B6%BA%E0%B7%92
නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයින් හතලිස් දෙදෙනෙකු රැගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සී 130 යානය අද (28) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපලට ළඟා වුණා. නේපාල භූ කම්පනයෙන් විපතට පත් ජනතාවට සහන සැළසීම සඳහා 48 දෙනෙකුගෙන් යුත් සහන කණ්ඩායමක් මෙම ගුවන් යානයෙන් කත්මන්ඩු නුවර බලා පිටත්වූයේ පසුගිය ඉරිදායි. නේපාලයේ පැවැත්වීමට නියමිතව තිබූ තරඟාවලියකට සහභාගිවීම සඳහා ගොස් අතරමංව සිටි ශ්‍රී  ලංකා වයස අවුරුදු 14 න් පහළ කාන්තා පාපන්දු කණ්ඩායමේ සාමාජිකාවන් 23 දෙනාද මෙම ගුවන් යානයෙන් දිවයිනට පැමිණියා.  

මේ අතර, නේපාලයේ ශ්‍රී  ලංකා තානාපති ඩබ්ලිව්.එම්. සෙනෙවිරත්න හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ හෙට දිනයේදී තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් ශ්‍රී  ලංකාවට එවීමට බලාපොරොත්තු වන බවයි. මේ වන විට නේපාලයේ නගර රැසක සන්නිවේදන කටයුතු බිඳ වැටී ඇති බවත්, ඒ හේතුවෙන් ඇතැම් පුද්ගලයන් හා සම්බන්ධවීමට අපහසු වී ඇති බවත්, ඔහු ප්‍රකාශ කළා. එරට විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය සඳහා මෙරටින් ගොස් සිටින සිසුන් තවදුරටත් නේපාලයේම රැදී සිටින බව ද තානාපතිවරයා සඳහන් කළා.

මේ අතර, නේපාල භූ කම්පනයෙන් විපතට පත් ජනතාවගේ හදිසි අවශ්‍යතා සපුරාලීම සඳහා කූඩාරම්, මෙට්ට, පානීය ජලය, සනීපාරක්ෂක උපකරණ සහ එළිමහන් කඳවුරු සඳහා අවශ්‍ය භාණ්ඩ ලබාදෙන්නැයි නේපාල රජය ශ්‍රී  ලංකාවට දන්වා තිබෙනවා. ඒ අනුව ජනතාවට සහ සංවිධානවටල එම ද්‍රව්‍ය ප්‍රදේශයේ දිස්ත්‍රික් ලේකම්වරයා වෙත භාර දිය හැකියි.



Update: Tuesday, 28 April 2015 - 19:13 PM
...................................................................


නේපාලයට ගිය ගුවන් හමුදා යානය 42 සමඟ යළි එයි

නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයින් හතලිස් දෙදෙනෙකු රැගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සී 130 යානය අද (28) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපලට ළඟා වුණා. නේපාල භූ කම්පනයෙන් විපතට පත් ජනතාවට සහන සැළසීම සඳහා 48 දෙනෙකුගෙන් යුත් සහන කණ්ඩායමක් මෙම ගුවන් යානයෙන් කත්මන්ඩු නුවර බලා පිටත්වූයේ පසුගිය ඉරිදායි. නේපාලයේ පැවැත්වීමට නියමිතව තිබූ තරඟාවලියකට සහභාගිවීම සඳහා ගොස් අතරමංව සිටි ශ්‍රී ලංකා වයස අවුරුදු 14 න් පහළ කාන්තා පාපන්දු කණ්ඩායමේ සාමාජිකාවන් 23 දෙනාද මෙම ගුවන් යානයෙන් දිවයිනට පැමිණීමට නියමිතව තිබුණා.

Update: Tuesday, 28 April 2015 - 03:13 PM
..............................................................

නේපාලයේ සිටි ලාංකිකයින් 42 ක් අද දිවයිනට

නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයින් හතලිස් දෙදෙනෙකු රැගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සී 130 යානය අද (28) දහවල් 1 යි 30 ට කටුනායක ගුවන් තොටුපලට පැමිණීමට නියමිතයි. ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක වින්ග් කමාන්ඩර් ගිහාන් සෙනෙවිරත්න හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මෙම ශ්‍රී  ලාංකිකයන් පිරිස රැගත් යානය පෙරවරු 9 ට කත්මන්ඩු ගුවන් තොටුපලින් නික්ම ඇති බවයි. නේපාල භූ කම්පනයෙන් විපතට පත් ජනතාවට සහන සැළසීම සඳහා මෙරට 48 දෙනෙකුගෙන් යුත් සහන කණ්ඩායමක් මෙම ගුවන් යානයෙන් කත්මන්ඩු නුවර බලා පිටත්වූයේ පසුගිය ඉරිදායි. නේපාලයේ පැවැත්වීමට නියමිතව තිබූ තරඟාවලියකට සහභාගිවීම සඳහා ගොස් අතරමංව සිටි ශ්‍රී ලංකා වයස අවුරුදු 14 න් පහළ කාන්තා පාපන්දු කණ්ඩායමේ සාමාජිකාවන් 23 දෙනාද අද මෙම ගුවන් යානයෙන් දිවයිනට පැමිණෙනු ඇති.  

මේ අතර අග්‍රාමාත්‍ය කාර්යාලය ප්‍රකාශ කළේ විපතට පත් නේපාල ජනතාවට අවශ්‍ය ආහාර, බෙහෙත් ද්‍රව්‍ය අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ සහනසේවා නිලධාරීන් කණ්ඩායමක් රැගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යානයක් හෙට පෙරවරුවේ කත්මන්ඩු නුවර බලා නික්මෙන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories