හමේ පාට නිසා ඇමරිකාව ලොකු අවුලක

Tuesday, 28 April 2015 - 13:50

%E0%B7%84%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%BD%E0%B7%9C%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B6%9A
පොලිස් පහරදීමකින් කළු ජාතිකයෙකු මියයාමත් සමඟ ඇමරිකාවේ බෝල්ටිමෝර් නගරයේ කළහකාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා. මේ නිසා එහි හදිසි තත්ත්වයක් ප්‍රකාශ කොට ඇති අතර සතියක කාලයක් සඳහා ඇඳිරි නීතියද පනවා ඇති බව සඳහන්. ආරක්ෂක කටයුතු සඳහා ඇමරිකානු ජාතික ආරක්ෂක භටයන් 5 000 ක් පමණ යොදවා තිබෙනවා.

කළු ඇමරිකානුවෙකු වූ 25 හැවිරිදි ෆ්‍රේඞී ග්‍රේ පසුගිය අප්‍රේල් 19 වැනිදා මියගියේ පොලිස් අත්අඩංගුවේ පසුවී සතියකට පසුවයි. එහිදී පහරදීමකින් ඔහු මාරාන්තික තුවාල ලබන්නට ඇති බවයි විශ්වාස කෙරෙන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් භටයන් 6 දෙනෙකුගේ සේවය අත්හිටුවා තිබෙනවා. ඊයේ රාත්‍රිය එළඹීමත් සමඟ වීථිවලට බට කළු ඇමරිකානුවන් පොලිස් වාහනවලට පහරදෙමින් නගරයේ ඉදිකරමින් තිබූ ප්‍රජා ගොඩනැගිල්ලක්ද ගිනිබත් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories