දින 3 ක බිළිඳෙකු බෑගයක දමා ගේට්ටුවේ එල්ලලා

Wednesday, 29 April 2015 - 18:55

%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+3+%E0%B6%9A+%E0%B6%B6%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B3%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B6%E0%B7%91%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A+%E0%B6%AF%E0%B6%B8%E0%B7%8F+%E0%B6%9C%E0%B7%9A%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BD%E0%B7%8F
අනුරාධපුර නගරයේ පිහිටි ළමා නිවාසයක ගේට්ටුවක එල්ලා තිබූ අත් බෑගයක් තුළ දමා ගොස් සිටියදී දින 3 ක්  පමණ වයසැති කුඩා බිළිඳෙකු හමුවීමේ පුවතක් හිරු ප්‍රවෘත්ති අංශයට අද වාර්තාවුණා. මෙම බිළිඳා මේ වනවිට සිටින්නේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂ ළදරු ප්‍රතිකාර ඒකකයේයි.

අනුරාධපුර - අවන්තිදේවි ළමා නිවාසයේ ප්‍රධාන ගේට්ටුවේ එල්ලා තිබූ මෙම අත්බෑගය ඊයේ රාත්‍රියේ මුලින්ම දැක ඇත්තේ එහි සේවිකාවක්. පසුව ඒ බව එම ළමා නිවාසයේ පාලිකාව පොලීසියට දැනුම්දී තිබෙනවා. පොලීසිය පැමිණ පරීක්ෂා කිරීමේදී අත්බෑගය තුළ සිටි මෙම බිළිඳා සොයාගෙන ඇති අතර ඉන් අනතුරුවයි රෝහල් ගතකර ඇත්තේ.

බිළිඳාගේ මව කවුරුන්ද යන්න මෙතෙක් තහවුරු වී නොමැති අතර  අත්බෑගයේ දමා මෙම බිළිඳා රැගෙන ආවේ කවුරුන්ද යන්න පිළිබඳව පරීක්ෂණ සිදුකරන බවයි පොලීසිය සඳහන් කළේ.

කෙසේ වෙතත් මෙම බිළිඳා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී අනුරාධපුර රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය විජේදාස අතපත්තු සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories