Update: කැටපත් පවුරේ කුරුටු ගා සිරගතවූ තරුණිය නිදහස්

Thursday, 30 April 2015 - 9:21

Update%3A+%E0%B6%9A%E0%B7%90%E0%B6%A7%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%A7%E0%B7%94+%E0%B6%9C%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B6%9C%E0%B6%AD%E0%B7%80%E0%B7%96+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A
සීගිරිය කැටපත් පවුරේ කොණ්ඩ කටුවකින් ලිවීම නිසා වසර දෙකක සිරදඬුවම්  නියමවූ මඩකලපුව ප්‍රදේශයේ පදිංචි තරුණිය අද (30) නිදහස් කරනු ලැබුවා. ඇය සිය දෙමව්පියන් වෙත භාරදුන් බවයි වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

 ඇය නිදහස ලබන විට රඳවා තිබුණේ අනුරාධපුර බන්ධනාගාරයේයි. ඇයගේ ඥාතීන් මහනුවර අධිකරණය වෙත මීට පෙර ඇප අයදුම්පතක් යොමු කර තිබූ අතර එය ඊයේ දිනයේ ඥාතීන් ඉල්ලා අස්කරගත්තා.

සීගිරිය - කැටපත් පවුරේ නම සහ ස්තූතියි යන්න සටහන් කිරීම හේතුවෙන් පුරාවිද්‍යා නිලධාරීන් ඇය අත්අඩංගුවට ගත්තේ පසුගිය පෙබරවාරි මස 14 වන දායි. පසුව ඇය පොලීසියට භාරදී අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව වසර දෙකක සිරදඬුවම්නියම කළා.


Update : Thursday, 30 April 2015 - 12:40
------------------------------------------------
කැටපත් පවුරට හානිකළ  තරුණියට නිදහස

සීගිරිය කැටපත් පවුරේ කොණ්ඩ කටුවකින් ලිවීම නිසා වසර දෙකක සිර දඩුවම් නියමවූ මඩකලපුව ප්‍රදේශයේ පදිංචි තරුණිය අද (30) නිදහස් කරනු ලැබුවා. ඇය නිදහස ලබන විට රඳවා තිබුණේ අනුරාධපුර බන්ධනාගාරයේයි. ඇයගේ ඥාතීන් මහනුවර අධිකරණය වෙත මීට පෙර ඇප අයදුම්පතක් යොමු කර තිබූ අතර එය ඊයේ දිනයේ ඉල්ලා අස්කර ගනු ලැබුවා. පසුගිය පෙබරවාරි මස 14 වන දා කැටපත් පවුරේ ඇයගේ නම සහ ස්තූතියි යන්න සටහන් කර තිබීම හේතුවෙන් පුරාවිද්‍යා නිලධාරීන් අත්අඩංගුවට ගෙන පොලීසියට භාර දීමෙන් අනතුරුවයි ඇයට වසර දෙකක සිර දඩුවම් නියම කළේ.

















(ඡායාරූප - අතුල බණ්ඩාර)



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories