මැයි දිනයේ ආරක්ෂාවට පොලීසියේ 2800ක්

Thursday, 30 April 2015 - 8:19

%E0%B6%B8%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A++%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A++2800%E0%B6%9A%E0%B7%8A
කොළඹ නගරය සහ ඒ ආසන්නයේ පැවැත්වෙන මැයි දින රැළිවල සහ ඊට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 2800 ක් පමණ යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළා.

මේ අතර, හෙට (01) දිනයේ කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමටද පොලිසිය සැලසුම් කර තිබෙනවා. ඒ අනුව මාර්ග කිහිපයක ගමනාගමනය සීමා කිරීමටයි පොලිසිය කටයුතු කර ඇත්තේ. ඒ අනුව හෙට දහවල් දොළහේ සිට පස්වරු හතර දක්වා ටී.බී. ජයා මාවත, ඞී.ආර්.විජේවර්ධන මාවත, වොක්ෂෝල් වීදිය - ඩෝසන් වීදිය හන්දියේ සිට ඉබ්බන්වල දක්වා එෆ්.ආර්.සේනානායක මාවතේ වාහන ගමනාගමන සීමාකරනු ඇති.

මීට අමතරව හෙට පස්වරු එකේ සිට පස්වරු 6 දක්වා ධර්මපාල මාවත පාර්ක් වීදිය හන්දියේ සිට ලිප්ටන් වටරවුම දක්වාද, බේස්ලයින් පාර බොරැල්ල හන්දියේ සිට දෙමටගොඩ දක්වාද වාහන ගමනාගමනයට සීමා වනු ඇති. මාලිගාවත්ත - ප්‍රදීපා මාවත, පංචිකාවත්ත හන්දියේ සිට ජුම්මා හන්දිය දක්වා බේස්ලයින් පාර - කිරුළපන හයිලෙවල් පාර හන්දියේ සිට නාරාහේන්පිට පාර්ක් හන්දිය දක්වාද හෙට පස්වරු දොළහේ සිට පස්වරු තුන දක්වා වාහන ගමනාගමනය සීමා කර තිබෙනවා.

හයිලෙවල් පාර - බලපොකුණ පාර හන්දියේ සිය හැව්ලොක් පාර - ඩික්මන් පාර හන්දිය දක්වාද හෙට පස්වරු දෙකේ සිට පහ දක්වා වාහන ධාවනය සීමාවනු ඇති. මීට අමතරව හෙට දහවල් දොලහේ සිට පස්වරු පහ දක්වා යුනියන් පෙදෙස, කොම්පඤ්ඤවීදිය හන්දියේ සිට ලිප්ටන් වටරවුම දක්වාද වාහන ගමනාගමනයට සීමා කර තිබෙනවා.

හෙට පස්වරු දෙකේ සිට පස්වරු පහ දක්වා කිරුළපන - දුටුගැමුණු මාවත සහ බලපොකුණ පාර, මරදාන පාර - මරදාන හන්දියේ සිට බොරැල්ල හන්දිය දක්වාද වාහන ගමනාගමනය සීමා කරන බවයි පොලිස් මූලස්ථානය ප්‍රකාශ කළේ.

මේ අතර කොළඹ නගරය ආශ්‍රීතව පැවැත්වෙන මැයි රැළිවලට සහභාගිවන ජනතාව ආහාරපාන මිලදීගන්නා ස්ථාන පිළිබඳව සැළකිලිමත් වන ලෙස කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි පවසනවා. එමෙන්ම කැලිකසළ  දමා කොළඹ නගරය අපවිත්‍ර කිරීමෙන් වළකින ලෙසද ඔහු මැයි රැළි සඳහා සහභාගිවන ජනතාවගෙන් ඉල්ලීමක් කළා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories