ජගත් සංවිධානය ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඩොලර් මිලියන 415 ක් ඉල්ලයි

Thursday, 30 April 2015 - 8:59

%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A9%E0%B7%9C%E0%B6%BD%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+415+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
මහා භූ කම්පනයකට මුහුණදුන් නේපාලයේ සහන මෙහෙයුම් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 415 ක් අවම වශයෙන් අවශ්‍ය වන බව ජගත් සංවිධානය පවසනවා. ඉදිරි තුන් මාසය සඳහා භූ කම්පනයට මුහුණදුන් නේපාලවාසීන්ට හදිසි සේවා සැළසීම සඳහා එම මුදල එක්රැස් කරගැනීමට දායක වන ලෙස ජගත් සංවිධානය ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලීමක්ද කළා. මේ අතර ආහාර, ජලය ඇතුලූ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හිඟයක් කත්මන්ඩු අගනුවර පවා දක්නට ලැබෙන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

කත්මන්ඩු නුවර අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලබාගැනීම සඳහා දිගු පෝලිම් දක්නට ලැබෙනවා. එමෙන්ම නගරයෙන් පිටතට ගෙන යන ආධාර රථ ඇතමුන් නතර කිරීම හේතුවෙන් නේපාල පොලීසියට ඔවුන් වැළැක්වීමට සිදුව ඇතැයි සඳහන්. නගරය තුළ සැපයුම් පිළිබඳව නොසතුටට පත්ව සිටින කත්මන්ඩු වාසීන් සිය ගම්බිම් බලා යාමට පැමිණීම නිසා නගරයේ වාහන තදබදයක්ද දක්නට ලැබෙන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

පසුගිය සෙනසුරාදා සිදුවූ රික්ටර් පරිමාණයේ  7.8 ක භූ කම්පනයෙන් පුද්ගලයන් 5000 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වූ අතර නිවාස 70 000 කට පමණ හානි සිදුවුණා. භූ කම්පනය බලපෑ නේපාලවාසීන්ගේ සංඛ්‍යාව මිලියන 8 කට අධිකයි. භූ කම්පනයත් සමග එවරස්ට් කඳු මුදුනේ ඇතිවූ හිම පතනයෙන් මියගිය සංඛ්‍යාවද 19 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අතුරෙන් පස් දෙනෙකු විදේශීය කඳු නගින්නන් වන අතර 14 දෙනෙක් ඔවුන්ට සහය දක්වන නේපාල ජාතික ෂර්පාවරුන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories