Update: හම්බන්තොට නගරාධිපති යළි රිමාන්ඞ්

Thursday, 30 April 2015 - 13:36

Update%3A+%E0%B7%84%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%9E%E0%B7%8A
අම්බලන්තොට පොලිස් ස්ථානයේදී පුද්ගලයෙකුට පහර දී පැහැරගෙන යාමට උත්සාහ කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මැයි මස 13 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. ඒ, හම්බන්තොට මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර හමුවට අද (30) පැමිණවීමෙන් පසුවයි.  එමෙන්ම මහේස්ත්‍රාත්වරයා  අම්බලන්තොට පොලීිසියේ ස්ථානාධිපතිවරයාට නියෝග කළේ 2014 වසරේ සිදුවූ මෙම සිද්ධිය පිළිබඳ පරික්ෂණ සිදු කිරීමට  සහ අධිකරණයට කරුණු වාර්තා කිරීමට ප්‍රමාද වීම සම්බන්ධයෙන් කරුණු වාර්තා කරන ලෙසයි.  

2014 වසරේ මාර්තු මාසයේදී පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙකුට පහරදී පැහැරගෙන යෑමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් හම්බන්තොට නගරාධිපතිවරයාට චෝදනා එල්ල වී තිබුණා. නමුත් මේ සම්බන්ධයෙන් අම්බලන්තොට පොලිසිය විසින් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරනු ලැබුවේ පසුගිය මාර්තු මාසයේ දෙවැනිදායි. අද (30) දිනයේ නඩුව විභාගයට ගත් අවස්ථාවේදී මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර අම්බලන්තොට පොලිස් ස්ථානාධිපතිවරයාට නියෝග කළේ වසරක් පුරා අධිකරණයට කරුණු නොදැක්වීම සහ පරීක්ෂණ නොපැවැත්වීම සම්බන්ධයෙන් හේතු දක්වන ලෙසයි. මීළඟ නඩු වාරය පැවැත්වෙන මැයි මස 13 වැනිදා එම හේතු දැක්වීම සිදුකරන ලෙස මහේස්ත්‍රාත්වරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළා.



Update: Thursday, 30 April 2015 - 07:08 PM
.......................................................................................................

අම්බලන්තොට පොලිස් ස්ථානයේදී පුද්ගලයෙකුට පහර දී පැහැරගෙන යාමට උත්සාහ කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මැයි මස 13 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. ඒ, හම්බන්තොට මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර හමුවට අද (30) පැමිණවීමෙන් පසුවයි.  මහේස්ත්‍රාත්වරයා  අම්බලන්තොට පොලීිසියේ ස්ථානාධිපතිවරයාට නියෝග කළේ  2014 වසරේ සිදුවූ මෙම සිද්ධිය පිළිබඳ පරික්ෂණ සිදු කිරීමට  සහ අධිකරණයට කරුණු වාර්තා කිරීමට ප්‍රමාද වීම සම්බන්ධයෙන් කරුණු වාර්තා කරන ලෙසයි.  2014 වසරේ මාර්තු මාසයේදී පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙකුට පහරදී පැහැරගෙන යෑමට උත්සාහ කිරීමේ චෝදනාව මත පෙරේදා සැකකාර නගරාධිපතිවරයා අත්අඩංගුවට ගත් අතර ඔහු අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි ඊයේ නියෝග කෙරුණේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories