ඉන්දීය රජයෙන් තමිල්නාඩු ධීවරයන්ට අවවාදයක්

Friday, 01 May 2015 - 7:45

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%A9%E0%B7%94+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ජාත්‍යන්තර මුහුදු සීමාව තරණය කොට ශ්‍රී ලංකා මුහුදු තීරයට අවතීර්ණ නොවන ලෙස ඉන්දීය රජය තමිල්නාඩු ධීවරයන්ට ඊයේ (30) නැවතත් අවවාද කළා. ඉන්දීය විදේශ කටයුතු ඇමතිනි සුෂ්මා ස්වරාජ් මෙම දැනුම්දීම සිදුකළේ තමිල්නාඩු ධීවරයින් පිරිසක් නවදිල්ලි නුවරදී ඇය හමුවූ අවස්ථාවේදීයි. මසුන් මැරීම සඳහා ශ්‍රී ලංකා මුහුදු තීරයට ගොස් ගැටලූවලට මුහුණදීමට සිදුවිය හැකි බවයි ඉන්දීය විදේශ කටයුතු ඇමතිනිය මෙහිදී පෙන්වා දී ඇත්තේ. ඒ වෙනුවට ඈත දියඹේ මසුන් මැරීමට හැකි බවත් ඇය ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා මුහුදු තීරයට පිවිසී නිරන්තරයෙන් අත්අඩංගුවට පත්වන තමිල්නාඩු ධීවරයන් මුදා ගැනීමට මැදිහත්විය නොහැකි බවත්, ඉන්දීය විදේශ කටයුතු ඇමතිනි සුෂ්මා ස්වරාජ් සඳහන් කර තිබෙනවා. තමිල්නාඩු ධීවරයන් ට්‍රෝලර් යාත්‍රා යොදා ගනිමින් ශ්‍රී ලංකා මුහුදු තීරයේ මසුන් මැරීම පිළිබඳව ද ඇය මෙහිදී සිහිපත් කළා. එවැනි මසුන් මැරීමේ ක්‍රම ශ්‍රී ලංකාව තුළ තහනම්. මෙරට මුහුදු තීරයේ වසරකට දින 83 ක් මසුන් මැරීම සඳහා අවසර ලබාගැනීම පිළිබඳව සහතික විය නොහැකි බව ද ඉන්දීය විදේශ කටයුතු ඇමතිනි සුෂ්මා ස්වරාජ් ප්‍රකාශ කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories