නිදහස, සාමය සහ නීතිය රට තුළ ස්ථාපිතයි - ජනපති

Friday, 01 May 2015 - 8:31

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%2C+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA+%E0%B7%83%E0%B7%84+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%BB%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B4%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92++-++%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
ප්‍රජාතාන්ත්‍රික නිදහසත්, වැඩබිමට කාර්මික සාමයත්, සංවිධාන හා ක්‍රියාකාරීවීමේ නීතිමය අයිතියත් මේ වනවිට රට තුළ ස්ථාපනය වී ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය මැයි දින පණිවුඩය නිකුත් කරමින් පවසනවා. පරිත්‍යාග තුළින් ලබාගත් ජයග්‍රහණ රැක ගැනීමට නම් සාමුහික බැඳීම නිරුපද්‍රිතව රැකගත යුතු බවයි ජනාධිපතිවරයා සිය නිවේදනය මගින් පෙන්වා දෙන්නේ.

මේ අතර, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය මැයි දින පණිවුඩය නිකුත් කරමින් පවසන්නේ කම්කරු ජනතාවගේ හිමිකම් මර්ධනය යටපත් කර තිබූ ඒකාධිපති පාලනයට එරෙහිව ගෙන ගිය සුවිශාල සමාජ අරගලයක අවසානයේ මේ වනවිට නිදහසේ හුස්ම ගතහැකි දේශපාලන වටපිටාවක් නිර්මාණය වී ඇති බවයි. සමස්ත ලෝක කම්කරු ජනතාව සමඟ අද ලාංකීය වැඩබිමේ විරුවන් කම්කරු දිනය සමරන්නේ එකී නිදහසත්, සතුටත් සමඟ බවද ඔහු සිය නිවේදනයෙන් පෙන්වා දෙනවා. ජීවිත පරිත්‍යාගයෙන් බොහෝ කටුක අත්දැකීම්වලට මුහුණදෙමින් ලබාගත් ඒ නිදහස අර්ථ සම්පන්න කර ගැනීමට තවදුරටත් අප එක්සත්ව කටයුතු කළ යුතු බව අග්‍රාමාත්‍යවරයා සිය මැයි දින පණිවුඩයෙන් අවධාරණය කරනවා.


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය මැයි දින පණිවුඩය නිකුත් කරමින් පවසන්නේ උතුරු නැගෙනහිර දෙපළාතේ සේම මුළු රටේම වැඩ කරන ජනතාවගේ අයිතීන් පමණක් නොව ජීවත්වීමේ අයිතියද ත්‍රස්තවාදය නිසා වසර 30 ක් තිස්සේ අහිමිව තිබූ බවයි. 2009 වසරේදී මෙරටින් ත්‍රස්තවාදය තුරන් කර යුධ වාතාවරණයෙන් රට මුදා හදිසි නීතිය ආදී නීතිද, අධි ආරක්ෂිත කලාපද ඉවත් කර වැඩ කරන ජනතාවගේ ඇතුළු පොදු ජනතා අයිතීන් 30 වසරකට පසු සුරක්ෂිත කිරීමට අපට හැකි වූ බවයි එම නිවේදනයෙන් පෙන්වා දෙන්නේ.


රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ගොවිබිමේ, වතුකරයේ, වැඩපළේ දහඩිය හෙළන කම්කරු ජනතාවගේ අයිතිවාසිකම් සුරැකීමට ඔවුන්ගේ ජීවන රටාවේ ගුණාත්මක භාවය ඉහළ නැංවීමට මෙවර මැයි දිනයේදී අවධානය යොමුකළ යුතු බව විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා පවසනවා. මේ අතර, කම්කරු දිනය සැමරීමට මෙරට අන් කිසිදු දේශපාලන පක්ෂයකට නැති පරිපූර්ණ නිරවුල් අයිතියක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තිබෙන බවද විපක්ෂ නායකවරයා සිය නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.


අධිරාජ්‍යවාදය පරාජය කිරීම සඳහා සටන් වැදීමත් ඒ සඳහා ලොව පුරා ජනයා සමගි කොට සංවිධාන කිරීමත් මේ මැයි දිනයේදී අපගේ අධිෂ්ඨානය විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. ලොව පුරා මෙන්ම ලංකාවේද පාලක ධනේෂ්වර පන්තිය තම පටු අරමුණු වෙනුවෙන් මැයි දිනය යොදා ගනිමින් එහි අර්ථය සහ හරය විකෘති කරමින් සිටින බව එම මැයි දින නිවේදනයේ සඳහන් වනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories