විශේෂ මත්පැන් වැටලීම් සතියක් ඇරඹේ

Saturday, 02 May 2015 - 7:58

%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා ඊයේ (01) සිට වැටලීම් ආරම්භ කළ බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක, ප්‍රභාත් ජයවික්‍රම හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මෙම සතිය තුළ මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් සම්බන්ධයෙන් තොරතුරු ලබාදීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක අංකයක් ද හඳුන්වා දී ඇති බවයි. 0112 300 170 යන දුරකථන අංකයට මේ සම්බන්ධයෙන් තොරතුරු ලබා දිය හැකි බව ද ඔහු සදහන් කළා.

පසුගිය මස 30 වන දා සිට මේ මස 6 වන දා දක්වා වූ සතිය ජාතික වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. ආණ්ඩුව නිවේදනය කළේ එළඹෙන 3 සහ 4 යන දෙදින තුළ සියලූම සුරාසැල්, මස් වෙළඳසැල්, රේස් බුකී, කැසිනෝ ශාලා සහ සමාජ ශාලා වසා දමන ලෙසටයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories