සහනාධාර රැගෙන ගුවන් හමුදාව යළි නේපාලයට

Saturday, 02 May 2015 - 17:34

%E0%B7%83%E0%B7%84%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB+%E0%B6%BB%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%B1%E0%B7%9A%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7
නේපාලයේ මහා භූ කම්පනයෙන් විපතට පත් ජනතාවට සහනාධාර රැගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් තවත් ගුවන් යානයක් අද (02) නේපාලයේ - කත්මන්ඩු නුවර බලා පිටත් වුණා. ගුවන් හමුදාවට අයත් සී - 130 වර්ගයේ ප්‍රවාහන ගුවන් යානයක් මෙලෙස කටුනායක ගුවන් හමුදා කඳවුරෙන් නික්මුණු බවයි හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර ප්‍රකාශ කළේ. මෙමගින් පානීය ජලය ආහාර සහ ඖෂධ නේපාලය බලා රැගෙන යන අතර භාණ්ඩ තොගයේ මුළු බර ටොන් 6.5ක්. මීට පෙර ගුවන් හමුදාවට අයත් යානා දෙකක් සහනාධාර සහ සහන මෙහෙයුම්වලට අවශ්‍ය භට පිරිස් රැගෙන කත්මණ්ඩු බලා නික්මුණා.

ශ්‍රී ලන්කන් ජාතික ගුවන් සේවය මගින් ද නේපාලයට අවශ්‍ය සහනාධාර රැගත් ගුවන් යානයක් පසුගිය බදාදා එහි යවනු ලැබුවා. එමගින් නේපාලයේ සිට ශ්‍රී ලාංකික මගීන් 22 ද රැගෙන ආ බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා සදහන් කළා. ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් කත්මණ්ඩු බලා යැවුණු පළමු ගුවන් යානයෙන් එහි සිටි ශ්‍රී ලංකා වයස 14න් පහළ බාලිකා පාපන්දු කණ්ඩායමේ සාමාජිකාවන් ඇතුළු ශ්‍රී ලාංකිකයන් 42 රැගෙන ආවා.











Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories