Update: හිරු උත්තම ධාතු වන්දනාවට සියල්ල සූදානම්

Saturday, 02 May 2015 - 18:53

Update%3A+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%B8+%E0%B6%B0%E0%B7%8F%E0%B6%AD%E0%B7%94+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
කතරගම කිරිවෙහෙර පුදබිමේදී හෙට (04) අලූයම ආරම්භ වන හිරු උත්තම ධාතු වන්දනා සර්වඥ ධාතු ප්‍රදර්ශනයටද මේ වනවිට සියලූ කටයුතු සූදානම්. කපිලවස්තුපුර ශ්‍රී සර්වඥධාතූන් වහන්සේ ලක්වාසී ජනතාවට වැද පුදා ගැනීමේ අවස්ථාව හිමි වන හිරු උත්තම ධාතු වන්දනාව ආරම්භ වන්නේ හෙට අලූයම් කාලයේදියි. ඒ සඳහා වස්කඩුව - රාජගුරු ශ්‍රී සුභූති විහාරයේ තැන්පත් කර ඇති කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥධාතූන් වහන්සේ හෙට අලූයම කතරගම කිරිවෙහෙර පුද බිමට වැඩම කරවනු ඇති.

කතරගම කිරිවෙහෙර විහාරයේ ධාතු මන්දිරයේ තැන්පත් කෙරෙන සර්වඥධාතූන් වහන්සේ හෙට අලූයම සිට පුරා දෙදිනක් ලක්වාසී ජනතාවට වන්දනාමාන කරන්නට අවස්ථාව සැලසෙනවා. පසුගිය වසර දෙකේදී මෙවන් සර්වඥධාතු ප්‍රදර්ශන දෙකක් ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ ප්‍රධානත්වයෙන් කතරගම කිරිවෙහෙර පුද බිමේ මෙන්ම මහියංගන රජමහා විහාරස්ථානයේදි ද පැවැත්වුණා. පසුගිය වසරේ සම්බුදු පා පහසින් පූජනීය වූ ඵෙතිහාසික මහියංගන රජමහා විහාරස්ථානයේ පැවැති ධාතු ප්‍රදර්ශනය, එතෙක් මෙතෙක් ඉතිහාසයේ මහියංගන පුදබිමට පැමිණි වැඩිම බැතිමතුන් සංඛ්‍යාව ද සටහන් කළා.



Update: SATURDAY, 02 MAY 2015 - 18:53
............................................................................................................................................................................

හිරු උත්තම ධාතු වන්දනාව හෙට අලුයම සිට කිරිවෙහෙර පුද බිමේදී

වෙසක් පුර පසලොස්වක පොහෝ දිනය නිමිති කරගෙන හිරු ටී.වී, සහ හිරු එෆ්.එම්. සංවිධාන කරන හිරු ශාක්‍යසිංහ මංගල්‍යය මෙන්ම උත්තම ධාතු වන්දනා සර්වඥ ධාතු ප්‍රදර්ශනය මෙවරත් බැති සිතින් පවත්වන්නට සියලූ කටයුතු මේ වනවිට සූදානම් කර අවසන්. එය පැවැත්වෙන්නේ කතරගම ඵෙතිහාසික කිරිවෙහෙර පුදබිම කේන්ද්‍ර  කරගනිමින්.

ආගම දහමේ තිරස්චිතිය උදෙසා නිබදව ප්‍රමුඛත්වය ගන්නා හිරු ටී.වී., හිරු එෆ්.එම්. මෙවරත් සම්බුදු තෙමඟුල වෙනුවෙන් ආගමික වැඩසටහන් රැසක් සංවිධාන කර තිබෙනවා. අද දිනය පුරාම දාන, ශීල, භාවනා ආදියට මුල් තැන දෙමින් ආගමික වැඩසටහන් රැසක් ක්‍රියාත්මකයි.

ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් අනුව සංවිධාන කෙරෙන කපිලවස්තුපුර ශ්‍රී  සර්වඥධාතූන් වහන්සේ ලක්වාසී ජනතාවට වැද පුදා ගැනීමේ අවස්ථාව හිමි වන හිරු උත්තම ධාතු වන්දනාව ආරම්භ වන්නේ හෙට (04) අලූයම් කාලයේදියි. ඒ සඳහා වස්කඩුව - රාජගුරු ශ්‍රී සුභූති විහාරයේ තැන්පත් කර ඇති කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥධාතූන් වහන්සේ හෙට අලූයම කතරගම කිරිවෙහෙර පුද බිමට වැඩම කරවනු ඇති.

කතරගම කිරිවෙහෙර විහාරයේ ධාතු මන්දිරයේ තැන්පත් කෙරෙන සර්වඥධාතූන් වහන්සේ හෙට අලූයම සිට පුරා දෙදිනක් ලක්වාසී ජනතාවට වන්දනාමාන කරන්නට අවස්ථාව සැලසෙනවා.

පසුගිය වසර දෙකේදී මෙවන් සර්වඥධාතු ප්‍රදර්ශන දෙකක් ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ ප්‍රධානත්වයෙන් කතරගම කිරිවෙහෙර පුද බිමේ මෙන්ම මහියංගන රජමහා විහාරස්ථානයේදි ද පැවැත්වුණා. සම්බුදු පා පහසින් පූජනීය වූ ඓතිහාසික මහියංගන රජමහා විහාරස්ථානයේ පසුගිය වසරේ පැවැති ධාතු ප්‍රදර්ශනය, එතෙක් මෙතෙක් ඉතිහාසයේ මහියංගන පුදබිමට පැමිණි වැඩිම බැතිමතුන් සංඛ්‍යාව ද සටහන් කළා.

හිරු ශාක්‍යසිංහ මංගල්‍යය සහ  උත්තම ධාතු වන්දනාව පිලිබඳ ඊයේ රාත්‍රී 7 ප්‍රවෘත්ති තුළින් ගෙන ආ තොරතුරු පහතින් නරඹන්න





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories