රුසියාවේ මොස්කව් නුවර නේවාසිකාගාරයකදී ගින්නකට හසුව ජීවිතක්ෂයට පත්වූ ශ්‍රී ලාංකීය වෛද්‍ය සිසුවාගේ දේහය අද (03) දිවයිනට ගෙන ඒමට නියමිතයි. මොස්කව් නුවර පිහිටි රුසියානු රාජ්‍ය වෛද්‍ය විද්‍යාලයේ ශිෂ්‍යයෙකු ලෙස අධ්‍යාපනය ලබමින් සිටි මිහිර උවිඳු නේවාසිකාගාරයේ රැඳී සිටියදී ගින්නට හසුවන්නේ පසුගිය 23 වනදා රාත්‍රියේයී. පසුව ඔහු රෝහල් ගතකිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වුණා. නේවාසිකාගාරයේ 16 වන මහලේ සිදුවූ ගෑස් කාන්දුවක් හේතුවෙන් ගින්න හටගත් අතර, ගින්නෙන් තවත් විදේශීය සිසුන් 40 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකළ බවයි රුසියානු මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
විසි දෙහැවිරිදි මිහිර උවිඳු මීට වසර 03 කට පෙර වෛද්‍යවරයෙකු වීමේ බලාපොරොත්තුවෙන් වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා රුසියාව බලාගොස් තිබෙනවා.
විසි දෙහැවිරිදි මිහිර උවිඳු මීට වසර 03 කට පෙර වෛද්‍යවරයෙකු වීමේ බලාපොරොත්තුවෙන් වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා රුසියාව බලාගොස් තිබෙනවා.
Follow US
Most Viewed Stories