හිරු සහ Dialog එක්ව ඉදිරිපත් කරන "ඇසි-දිසි ONLINE තොරණ රාජයා" දැන් නරඹන්න

Sunday, 03 May 2015 - 11:49

%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B7%84+Dialog+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%22%E0%B6%87%E0%B7%83%E0%B7%92-%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92+ONLINE+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AB+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%BA%E0%B7%8F%22+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B6%BB%E0%B6%B9%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
ලෝතුරු සම්මා සම්බුදු පියාණන්ගේ උතුම් වූ තෙමඟුල සිහිපත් කරමින් Hiru TV, Hiru FM හා Dialog එක්ව නිර්මාණය කළ ඇසි-දිසි ඔන්ලයින් තොරණ රාජයා මෙවරත් www.hirufm.lk | www.hirutv.lk වෙබ් අඩවිවලට පිවිස නැරඹීමට දැන් අවස්ථාව උදාවී තිබෙනවා.

පින්බර වෙසක් පොහොය නිමිත්තෙන් අඛණ්ඩව තුන්වන වරටත් එළි දක්වන මෙම ඔන් ලයින් තොරණ ලොව ඕනෑම තැනක සිට එකම වේලාවක වැඩිම දෙනෙකුට නැරඹිමේ හැකියාව තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ස්ථාපිත විශාලතම මාධ්‍යජාලය වන ආසියානු මාධ්‍යජාලයේ ගරු සභාපති රේනෝ සිල්වා මැතිතුමා ප්‍රමුඛ Hiru TV, Hiru FM හා Dialog එක්ව පින්කැමති ඔබවෙත සැදැහැ සිතින් ගෙන එන මෙම තොරණ රාජයාගේ ඩිජිටල් අලෝකකරණය සහ නිර්මාණ වෑයමේ දායකත්වය ශ්‍රී ලාංකීය ඩිජිටල් මාධ්‍ය කලාවට කවදත් නවමු අත්දැකීම් එක්කල ලෝටස් ටෙක්නොලෝජීස් ආයතනයෙනි.

එකිනෙකට වෙනස් ඩිජිටල් ආලෝක රටා රැසකින් සමන්විතල නිග්‍රෝධමිග ජාතක කථා වස්තුව රැගත් මෙම ඇසි-දිසි ඔන්ලයින් තොරණේ විශේෂත්වය වන්නේ ජාතක කථාව හොඳින් අධ්‍යයනය කරමින් කොටුවෙන් කොටුවට පිවිස ඒ ඒ කොටුවට අදාළ කථාව නාට්‍යානුසාරයෙන් රස විඳීමටද හැකිවීමයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories