පසුගිය සෙනසුරාදා රික්ටර් පරිමාණයේ 7යි දශම 9ක ප්‍රබල භූ කම්පනයකට මුහුණදුන් නේපාලයේ අතුරු කම්පන තවදුරටත් වාර්තාවනවා. අද අලූයම 3ට පමණ නේපාලයේ කොඩාරි ප්‍රදේශය කේන්ද්‍ර කොටගෙන රික්ටර් පරිමාණයේ 4යි දශම 2ක අතුරු කම්පනයක් සිදුවුණා. මහා භූ කම්පනයෙන් පසුව ඇතිවූ විශාලතම අතුරු කම්පනයේ ප්‍රබලතාව රික්ටර් පරිමාව අනුව 6යි දශම 7ක්. ඉදිරි දින කිහිපය තුළද සුළු අතුරු කම්පන සිදුවිය හැකි බවයි භූ විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ.
මේ අතර, භූ කම්පනයෙන් විපතට පත්වූවන්ට ජාත්‍යන්තර ප්‍රජාව ලබාදෙන සහනාධාර කඩිනමින් මුදාහැරීමට කටයුතු කරන ලෙස ජගත් සංවිධානය නේපාල රජයෙන් ඉල්ලීමක් කළා. ඇතැම් සහනාධාර දින ගණනක් තිස්සේ එරට රේගුවේ ගොඩගැසී ඇති බවයි ජගත් සංවිධාන මානුෂවාදී ආධාර පිළිබඳ ප්‍රධානී වැලරි අමොස් ප්‍රකාශ කළේ.
තවද භූ කම්පනයේ මරණ සංඛ්‍යාව 7000 දක්වා ඉහළ ගොස් තිබේ. දුෂ්කර කඳුකර ප්‍රදේශයකදී අද සොයා ගැනුණු මළ සිරුරු කිසිවක් මෙතෙක් හඳුනාගෙන නැහැ. කඳු නගින්නන් සහ ඔවුන්ට සහාය වන දේශීය ෂර්පා ගෝත්‍රිකයන් ඇතුළු 200කට අධික පිරිසක් එවරස්ට් ආසන්නයේ අතුරුදන් වී තිබෙනවා. නේපාල රජය අද නිකුත් කළ නිළ නිවේදනයට අනුව භූ කම්පනයේ මරණ සංඛ්‍යාව 7040ක් ලෙස සටහන් වන අතර, තුවාල ලැබූ සංඛ්‍යාව 14,123ක්.

Follow US
Most Viewed Stories