අද වගේ දවසකවත් හොඳ නොකර, කළ නොහොබිනා වැඩ

Sunday, 03 May 2015 - 19:17

%E0%B6%85%E0%B6%AF+%E0%B7%80%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%80%E0%B7%83%E0%B6%9A%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B7%9C%E0%B6%B3+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9A%E0%B6%BB%2C+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B1%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A9
වෙසක් පොහොය දා වැඩි මිලට විකිණීම සඳහා බලපත්‍ර රහිතව ගෙන යමින් තිබූ මත්පැන් බෝතල් 144 ක් සමඟීන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගාල්ල - උඩුගම ප්‍රදේශයේදී මොවුන් අද (03) අලූයම අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිසියට ලැබුණු තොරතුරක් මතයි. මත්පැන් ප්‍රවාහනය කරන ලද ත්‍රිරෝද රථය ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. සැකකරුවන් උඩුගම ප්‍රදේශයේම පදිංචිකරුවන් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර, වාද්දූව ප්‍රදේශයේ වෙරළාසන්න සංචාරයක හෝටලයක බලපත්‍ර නොමැතිව ළඟ තබාගෙන සිටි රුපියල් ලක්ෂ 10කට ආසන්න වටිනාකමකින් යුතු මත්පැන් බෝතල් තොගයක් සොයාගෙන තිබෙනවා. සුරාබදු දෙපාර්තමේන්තුව ඊයේ රාත්‍රියේ සිදුකරන ලද වැටලීමකින් මෙම මත්පැන් තොගය සොයාගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.

එමෙන්ම වෙසක් පොහොයදා විකිණීමට සූදානම් කර තිබූ බව කියන ඌරු මස් කිලෝ 100ක් සමගින් පුද්ගලයෙකු වෙන්නප්පුව පොලිසිය අද අත්අඩංගුවට ගත්තා. පොලීසියට ලද තොරතුරක් මත අදාළ වැටලීම සිදුකර ඇති අතර, එම අවස්ථාවේදී මෙම පුද්ගලයා ඌරු මස් අලෙවි කරමින් සිටි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ. අත්අඩංගුවට ගත් පුද්ගලයා 38 හැවිරිදි ලූණුවිල - බොරලැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පසුගිය මස 30 වන දා සිට මේ මස 6 වන දා දක්වා වූ සතිය ජාතික වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව අද සහ හෙට යන දෙදින තුළ සියලූම සුරා සැල්, මස් අලෙවිසැල්, රේස් බුකී, කැසිනෝ ශාලා සහ සමාජ ශාලා වසා තබන ලෙසටයි රජය නිවේදනය කළේ. මේ අතර, සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කළේ අදාළ දින දෙකෙහි මත්ද්‍රව්‍ය අලෙවි කරන පුද්ගලයන් සොයා විශේෂ වැටලීම් සිදුකරන බවයි. ඒ සඳහා තොරතුරු ලබාදීමට පැය 24 පුරා ක්‍රියාත්මක දුරකථන අංකයක් ද හඳුන්වා දීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගත්තා. ඒ අනුව 0112 300 170 යන දුරකථන අංකයට මේ සම්බන්ධයෙන් තොරතුරු ලබා දීමේ හැකියාව පවතිනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories