බුධ ග්‍රහයා හැකිළෙයි

Monday, 04 May 2015 - 13:04

%E0%B6%B6%E0%B7%94%E0%B6%B0+%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%BA%E0%B7%8F+%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B7%85%E0%B7%99%E0%B6%BA%E0%B7%92
බුධ ග්‍රහයා කිලෝමීටර් 7කින් පමණ හැකිලී ඇති බව නවතම අභ්‍යවකාශ ගවේෂණයකින්  අනාවරණය වී තිබෙනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න ප්‍රකාශ කළේ ඉකුත් 1 වන දා බුධ ග්‍රහයාගේ පෘෂ්ඨය මත කඩා වැටුණු මැසෙන්ජර් යානය මගින් පෘථිවිය වෙත එවන ලද තොරතුරු වලින් මේ බව අනාවරණය වී ඇති බවයි.

සූර්යග්‍රහ මණ්ඩලයේ කුඩාම ග්‍රහයා වන බුධ ග්‍රහයාගේ රහස් සෙවීමට මීට වසර 10 කට පෙර අභ්‍යවකාශයට යැවූ ඇමෙරිකානු නාසා ආයතනයේ මැසෙන්ජර් යානය පසුගියදා එහි ගැටී විනාශයට පත් වුණා. වසර 4 ක් තිස්සේ බුධ ග්‍රහයාගේ කක්ෂයේ ගමන් ගත් මැසෙන්ජර් යානය බුධ ග්‍රහයාගේ උතුරු ධ්‍රැවයට පතිත වූයේ පැයට කිලෝමීටර් 14,000 ක එනම්, ශබ්දයේ වේගය මෙන් 12 ගුණයක වේගයකින්. ඒ සමගම බුධ ග්‍රහයා මත ආවාටයක් නිර්මාණය වී ඇති අතර එය පෘථිවියේ සිට නිරීක්ෂණය කිරීමට නොහැකි තරම් කුඩා ආවාටයක්.
 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories