නේපාලයේ පිරිසකට ශ්‍රී ලංකා හමුදාවෙන් පහසුකම්

Monday, 04 May 2015 - 14:28

%E0%B6%B1%E0%B7%9A%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%84%E0%B7%83%E0%B7%94%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A
නේපාලයේ සහන සේවා කාර්යයන්හි නියුතු ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා කණ්ඩායම් මේ වනවිට රෝගීන් 1500 කට අධික සංඛ්‍යාවකට වෛද්‍ය හා ශල්‍ය පහසුකම් සපයා තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ නේපාලයේ ගොඩනැගිලි සහ කඳු කඩා වැටී අවහිර වූ මාර්ග ගණනාවක් ද යුද හමුදාවේ ඉංජිනේරු බලකායේ සාමාජිකයන් යළි යථා තත්ත්වයට පත් කර ඇති බවයි. නේපාලයේ - සිපගාට් ප්‍රදේශයේ එල්ලෙන පාලමක් කඩා වැටීම නිසා දින 5ක් තිස්සේ ගම්මාන 5 ක් පමණ හුදකලාවී තිබූ අතර ශ්‍රී ලංකා හමුදාවන් එම පාලම ද පිළිසකර කිරීමට සමත්වී ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories