පොළොන්නරුවට සහ වවුනියාවට ටොනාඩෝ

Monday, 04 May 2015 - 18:43

%E0%B6%B4%E0%B7%9C%E0%B7%85%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B7%80%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%A7%E0%B7%9C%E0%B6%B1%E0%B7%8F%E0%B6%A9%E0%B7%9D
දිවයිනට බලපා ඇති අන්තර්මෝසම් කාලගුණ තත්ත්වයත් සමඟ දිවයිනේ  ඕනෑම තැනකට තාවකාලික ටොනාඩෝ තත්ත්වයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරනවා. එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ පබෝධනී කරුණාපාල හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ  මෙම ටොනාඩෝ තත්ත්වයන් සන්ධ්‍යා කාලයේ සහ රාත්‍රී කාලයේදී වර්ෂාවත් සමඟ කෙටිකාලීන තද සුළං තත්ත්වයක්ද ඇතිවිය හැකි බවයි.

මේ අතර පොළොන්නරුව සහ වවුනියාව යන දිස්ත්‍රික්කවලට ඊයේ රාත්‍රී කාලයේදී තද සුළං තත්ත්වයක් ඇතිවී තිබෙනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට බලපෑ  තද සුළං තත්ත්වය හේතුවෙන් නිවාස 27 ක් සම්පූර්ණයෙන්ම හානිවී තිබෙනවා.  

මේ අතර වවුනියාව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ඊයේ බලපෑ සුළං තත්ත්වයක් හේතුවෙන් නිවාස 92 කට හානි සිදුවී ඇති බව  ආපදා කළමනාකරන මධ්‍යස්ථානය සඳහන් කළා.

කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ පබෝධනී කරුණාපාල හිරු ප්‍රවෘත්ති අංශයට වැඩිදුරටත් සඳහන් කළේ බොහෝවිට වර්ෂාවත් සමඟ තාවකාලික ටොනාඩෝ  තත්ත්වයන් ඇතිවිය හැකි බැවින් ඒ පිළිබඳව ජනතාව අවධානයෙන් සිටිය යුතු බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories