හමුදා නිවාඩු නිකේතනයේ ලයිසන් නැති මත්පැන් තිබිලා

Tuesday, 05 May 2015 - 7:38

%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%A9%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%9A%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%8F
වාද්දුව යුද හමුදා නිවාඩු නිකේතනයේ බලපත්‍ර රහිතව මත්පැන් අලෙවි කිරීම සම්බන්ධයෙන් යුද හමුදාපතිවරයාගේ උපදෙස් මත විශේෂ පරික්ෂණයක් ආරම්භ කර තිබෙනවා. යුද හමුදාව මගින් පාලනය වන මෙම නිවාඩු නිකේතනය මෑතකදී ලයා බීච් නමින් ප්‍රතිසන්නාම ගතවූ බව සඳහන්. කෙසේ වෙතත් මෙම හමුදා හෝටලයේ බලපත්‍ර රහිතව මත්පැන් අලෙවි කරන බවට පෙරේදා දිනයේදී සුරාබදු දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ලැබී තිබෙනවා. ඉන් අනතුරුවයි එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙම හමුදා නිකේතනය වටලා ඇත්තේ. එහිදී රුපියල් ලක්ෂ 10 කට අධික මත්පැන් තොගයක් සමඟින් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්තා.

කෙසේ වෙතත් හමුදා මාධ්‍ය අංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඊට අදාළව විශේෂ පරීක්ෂණයක් සිදුකරන බවත් සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවන නිලධාරීන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories