ඉන්දුනීසියාවේ සුනාමි අනතුරු ඇගවීමක් - ලංකාවටත් බලපායි ද ?

Tuesday, 05 May 2015 - 9:04

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B7%92+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%87%E0%B6%9C%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%8F%E0%B6%BA%E0%B7%92+%E0%B6%AF+%3F
පැපුවානිව්ගිනියා හි ඇති වූ භූ කම්පනය හේතුවෙන් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නොමැති බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා. රික්ටර් මාපකයේ 7.5ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් පැපුවානිව්ගිනියා හි රබාවුල් ප්‍රදේශයේ ඇති වූයේ අද අලූයමයි.

පැපුවානිව්ගිනියා හි භූ කම්පනයත් සමඟ ඉන්දුනීසියානු සහ සොලමන් දිවයින්වලට නිකුත් කෙරුණු සුනාමි අනතුරු ඇගවීමේ නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක බවයි විදෙස් වාර්තා සදහන් කළේ. කිලෝමීටර් 63ක් මුහුද අභ්‍යන්තරයේ මෙම භූ කම්පන හටගෙන ඇති අතර, පසුගිය සතියේදී රික්ටර් මාපකයේ 6.7ක සහ 6.8ක භූ කම්පන දෙකක් ද මෙම ප්‍රදේශයේම සිදුවූ බව ද ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළා. භූ කම්පනය සමඟ සිදුවූ හානි සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා ලැබී නැහැ.

කෙසේ වෙතත්, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ භූ භෞතික විද්‍යාඥ මහින්ද සෙනෙවිරත්න කියා සිටියේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, නේපාලය සහ  ඕස්ට්‍රේලියාව යන රටවල් ඉන්දු -  ඕස්ට්‍රේලියානු භූ තැටියේ පිහිටා ඇති බවයි. ශ්‍රී ලංකාව පවතින්නේ එම භූ තැටිය මධ්‍යයට වන්නට බවත් මේ නිසා ශ්‍රී ලංකාවට භූ කම්පනයේ බලපෑම් ඇතිවීමේ ප්‍රවනතාව අවම  බවත් ඔහු සදහන් කළා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories