Update : කුරුණෑගල රැළියෙන් පසු සන්ධානයේ සෙසු පක්ෂ සංවිධාන කරන රැළිවලට නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් සහභාගි නොවීමට එකඟතාවක්

Tuesday, 05 May 2015 - 14:44

Update+%3A+%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%91%E0%B6%9C%E0%B6%BD+%E0%B6%BB%E0%B7%90%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%99%E0%B7%83%E0%B7%94+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%BB%E0%B7%90%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B7%92+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%91%E0%B6%9A%E0%B6%9F%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිදහස් සන්ධානයේ අගමැති අපේක්ෂකයා කරන ලෙස බල කරමින් පැවැත්වෙන රැළිවලට නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් සහභාගි නොවීමට එකඟතාවකට පැමිණ තිබෙනවා. පක්ෂයේ මධ්‍යම කාරක සභාව ගත් තීරණයකට අනුව මෙය ක්‍රියාත්මක කළ යුතු බවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර ඊයේ (6) පැවති සාකච්ඡාවේදී එකඟතාව පළවී ඇත්තේ. ජනාධීපති මෛත්‍රීපාල සිරිසේනගේ පාර්ශවයෙන් ඉදිරිපත්වූ මෙම යෝජනාවට හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන්ද එකඟතාව පළවූ බවයි එම සාකච්ඡාවට සහභාගි වූ නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු සඳහන් කළේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අගමැති අපේක්ෂකයා ලෙස නම් කළ යුතු බවට බල කෙරෙන තවත් රැස්වීමක් හෙට කුරුණෑගලදී පැවැත්වීමට නියමිතයි. නිදහස් සන්ධානය නියෝජනය කරන දේශපාලන පක්ෂ කිහිපයක් විසින් මෙම රැළිය සංවිධාන කර තිබෙනවා. එම රැස්වීම් සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් සහබාගි නොවිය යුතු බවට පක්ෂ මධ්‍යම කාරක සභාවේදී පසුගියදා තීරණයක් ගත් බවයි එම අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. එහෙත් ඇතැම් මන්ත්‍රීවරුන් එම තීරණය නොසලකා හරිමින් නුගේගොඩින් ආරම්භ වූ මෙම රැස්වීම් මාලාවට විවිධ අවස්ථාවලදී සහභාගිවී තිබෙනවා. මෙය පක්ෂයේ සමඟියට සහ විනය සම්බන්ධයෙන් ගැටළුවක් බව ජනාධිපති මෛත්‍රිපාලගේ පාර්ශවයෙන් පෙන්වා දීමත් සමඟ කුරුණෑගල රැළියෙන් පසු කුරුණෑගල රැළියෙන් පසු මින් ඉදිරියට එවැනි රැස්වීම් සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් සහභාගි නොවීමට එකඟතාව පළ කළ බවයි එම ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Update : Thursday, 07 May 2015 - 8:29
----------------------------------------------------
මහින්ද මෛත්‍රී සාකච්ඡා සාර්ථකයි: ඇමති දුමින්ද - තෘප්තිමත් එකඟතාවක් නැහැ: හිටපු ඇමති ඩලස්


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර පාර්ලිමේන්තු සංකීර්ණයේ ජනාධිපතිවරයාගේ කාර්යාලයේ අද (06) පැවති සාකච්ඡාව තෘප්තිමත් එකඟතාවකින් තොරව අවසන් වූ බව හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කළා. කෙසේ වෙතත්, අමාත්‍ය දුමින්ද දිසානායක ප්‍රකාශ කළේ මෙම සාකච්ඡාව සියයට සියයක් සාර්ථක බවයි.

අද පස්වරුවේ පැවති සාකච්ඡාවට හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශවය නියෝජනය කරන ඩලස් අලහප්පෙරුම, කුමාර වෙල්ගම, බන්දුල ගුණවර්ධන, ජී.එල්.පීරිස් සහ මහින්දානන්ද අලූත්ගමගේ යන හිටපු අමාත්‍යවරුන් එක්ව සිටියා. එසේම, ජනාධිපතිවරයා සමඟ විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා, අමාත්‍යවරුන් වන දුමින්ද දිසානායක, එම්.කේ.ඒ.ඩී.එස් ගුණවර්ධන, හිටපු අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා ද සාකච්ඡාවට එක්වුණා.  
මෙහිදී ප්‍රධාන කරුණු 5 ක් පිළිබඳව අවධානය යොමුවී තිබෙනවා. ඉදිරි මහමැතිවරණයේ අගමැති අපේක්ෂකත්වය, පළාත් පාලන ආයතන විසුරුවා හැරීම, මහමැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස තරඟ කිරීම, අපේ්ක්ෂකයන් සඳහා නාමයෝජනා භාරදීම, සහ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය දේශපාලනීකරණය වීම ඊට අයත් බවයි නිදහස් පක්ෂ මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා ප්‍රකාශ කළේ.

සාකච්ඡාවෙන් අනතුරුව, අදහස් දැක්වූ හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම කියා සිටියේ තෘප්තිමත් එකඟතාවකින් තොරව සාකච්ඡාව අවසන් වුවත් දෙපාර්ශවයේ සාකච්ඡා අඛන්ඩව පවත්වාගෙන යන බවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සන්ධානයේ අගමැති අපේක්ෂකයා බවට පත් කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය කුමක්දැයි මෙහිදී මාධ්‍යවේදීන් විමසා සිටියා. හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම කියා සිටියේ එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවට යොමුකළ යුතුබව ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවයි.

මෙම සාකච්ඡාව තෘප්තිමත් එකඟතාවකින් තොරව අවසන් වූ බව හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශවය සඳහන් කළත්, කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක ප්‍රකාශ කළේ සාකච්ඡා සියයට සියයක් සාර්ථක බවයි.  

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ දෙපාර්ශවයක් පවතින බව සාකච්ඡාවට එක්වූ හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම සඳහන් කළා.

එහෙත් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක අවධාරණය කළේ පක්ෂය තුළ දෙකඩවීමක් නොමැති බවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සන්ධානයේ අගමැති අපේක්ෂකයා බවට පත්කළ යුතු බව පවසමින් අනිද්දා කුරුණෑගල පැවැත්වීමට නියමිත ජන රැළිය සම්බන්ධයෙන්ද මෙහිදී මාධ්‍යවේදීන් හිටපු අමාත්‍ය කුමාර වෙල්ගමගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ එහි කිසිදු වෙනසක් සිදු නොවන බවයි.



Update: Wednesday, 06 May 2015 - 07:34 PM
......................................................................

ජනපති, හිටපු ජනපති සාකච්ඡාව අවසන්- 100% ක් සාර්ථකයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර පාර්ලිමේන්තු සංකීර්ණයේ අද (06) පස්වරුවේ පැවති සාකච්ඡාව මේ වනවිට අවසන් වී තිබෙනවා. මෙම සාකච්ඡාව පැවැත්වුණේ පාර්ලිමේන්තුවේ පිහිටි ජනාධිපතිවරයාගේ කාර්යාලයේදීයි. සාකච්ඡාව  සඳහා ශ්‍රී  ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ද එක්ව සිටියා.

හිරු ප්‍රවෘත්ති  අංශයට ඒ පිළිබඳ අදහස් දැක්වූ  කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක ප්‍රකාශ කළේ පක්ෂයේ ඉදිරි ගමන පිළිබඳව සිදුකළ  සාකච්ඡාව  සියයට සියයක් සාර්ථක බවයි.















Wednesday, 06 May 2015 - 15.25
.................................................................................................................................................................

ජනපති සහ හිටපු ජනපති සාකච්ඡාවට සූදානම්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ වනවිට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණ තිබෙනවා. ඒ ඔවුන් දෙදෙනා අතර පැවැත්වීමට නියමිත සාකච්ඡාව සඳහායි. 

Wednesday, 06 May 2015 - 12.15
.................................................................................................................................................................

මහින්ද - මෛත්‍රී අද සාකච්ඡාව අවසානය නොවේ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර හමුව අද (06)  පස්වරු 1.30ට පැවැත්වෙනවා. පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි ජනාධිපති කාර්යාලයේදී එය පැවැත්වෙන බවයි මීට පෙර වාර්තා වුණේ.

සාකච්ඡාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පාර්ශවයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත සහ විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා යන මන්ත්‍රීවරුන් එක්වීමට නියමිතව බව මීට පෙර වාර්තා වුණා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාර්ශවයෙන් කුමාර වෙල්ගම, බන්දුල ගුණවර්ධන සහ ඩලස් අලහප්පෙරුම යන මන්ත්‍රීවරුන් ඊට සහභාගි වනු ඇති.

මෙම සාකච්ඡාවේදී ඇතිකරගන්නා එකඟතා සම්බන්ධයෙන් මූලික සාකච්ඡාවක් ඊයේ පස්වරුවේ පැවැත්වුණේ මෙම මන්ත්‍රීවරුන් 6 දෙනාගේ සහභාගීත්වයෙන්.

මේ අතර, කොළඹ දැන් පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය හමුවේදී ද මෙම සාකච්ඡාව පිළිබඳව මාධ්‍යවේදීන් කරුණු විමසුවා. එහිදී ඔවුන් කියා සිටියේ මෙය අවසාන සාකච්ඡාව නොවන බවයි.

Wednesday, 06 May 2015 - 8:23
.................................................................................................................................................................

මහින්ද - මෛත්‍රී හමුව අද

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර හමුව අද (06) පස්වරු 1.30ට පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි.  

සාකච්ඡාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පාර්ශවයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත සහ විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා යන මන්ත්‍රීවරුන් එක්වීමට නියමිතව තිබෙනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාර්ශවයෙන් කුමාර වෙල්ගම, බන්දුල ගුණවර්ධන සහ ඩලස් අලහප්පෙරුම යන මන්ත්‍රීවරුන් ඊට සහභාගි වනු ඇති. මෙම සාකච්ඡාවේදී ඇතිකරගන්නා එකඟතා සම්බන්ධයෙන් මූලික සාකච්ඡාවක් ඊයේ පස්වරුවේ පැවැත්වුණේ මෙම මන්ත්‍රීවරුන් 6 දෙනාගේ සහභාගීත්වයෙන්.

පසුගිය මාර්තු 25 වන දිනද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර හමුවක් පැවැත්වීමට නියමිතව තිබුණද පසුව එය අවලංගු කරනු ලැබුවා.

Tuesday, 05 May 2015 - 14:44
...........................................................................................................................................................

මහින්ද - මෛත්‍රී හමුව හෙට දහවල්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර හමුව හෙට පැවැත්වෙන බව හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ හෙට පස්වරු එකට පමණ මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවයි. මෙම සාකච්ඡාව පාර්ලිමේන්තු සංකීර්ණයේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

සාකච්ඡාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පාර්ශවයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත සහ විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා යන මන්ත්‍රීවරුන් එක්වීමට නියමිතව තිබෙනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාර්ශවයෙන් කුමාර වෙල්ගම, බන්දුල ගුණවර්ධන සහ ඩලස් අලහප්පෙරුම යන මන්ත්‍රීවරුන් ඊට සහභාගිවීමට නියමිතයි. මෙම සාකච්ඡාවේදී ඇතිකරගන්නා එකඟතා සම්බන්ධයෙන්  මූලික සාකච්ඡාවක්  අද පස්වරුවේ පැවැත්වෙන්නේ මෙම මන්ත්‍රීවරුන් 6 දෙනාගේ සහභාගීත්වයෙන්.   

මෙහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාර්ශවය නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායම විසින් පස්වැදෑරුම් යෝජනාවක්ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නියෝජනය කරන පාර්ශවය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය අද සඳහන් කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර පැවැත්වෙන සාකච්ඡාව ඉදිරි මහ මැතිවරණ ජයග්‍රහණය සඳහා පදනම් කරගන්නා බවයි.

පසුගිය මාර්තු 25 වන දිනද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර හමුවක් පැවැත්වීමට නියමිතව තිබුණද පසුව එය අවලංගු කරනු ලැබුවා.  

ඇතමුන්ට මේ වනවිට කළගුණ අමතකවී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා. ඊයේ පස්වරුවේ තංගල්ල - හේන්කඩුව රජමහා විහාරයේදී ප්‍රදේශවාසීන් එක්ව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සෙත් පතා බෝධි පූජාවක් පැවැත්වූ අතර එම අවස්ථාවට එක්වෙමිනුයි  ඔහු මේ බව කියා සිටියේ.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories