2013 වසරේ අම්පාරේ පැවති දැයට කිරුළ ප්‍රදර්ශනයේදී විශාල මූල්‍ය අක්‍රමිකතා සිදුව ඇති බව පවසමින් ජනතා විමුක්ති පෙරමුණ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ අද (06) පැමිණිල්ලක් ගොනුකළා. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, අම්පාර හිටපු දිස්ත්‍රික් ලේකම් නීල් ද අල්විස් සහ අම්පාර නගර සභාවේ සභාපති ඉන්දික නලින් ජයවික්‍රමට එරෙහිවයි මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ. පැමිණිල්ල ගොනු කිරීමට පෙර හිරු ප්රවෘත්ති අංශයට අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ අම්පාර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත පියතිස්ස සඳහන් කළේ මහපරිමාණ මූල්‍ය අක්‍රමිකතා පිළිබඳව මෙම පැමිණිල්ල සිදුකරන බවයි.
2006 වසරේ සිදුවූ මිග් යානා ගණුදෙණුවකට අදාළව දූෂණ විරෝධී පෙරමුණ ද මීට පෙර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඊට අදාළව හිටපු ආරක්ෂක ලේකම්වරයා පසුගියදා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණ ප්‍රකාශයක් ද ලබා දුන්නා.

Follow US
Most Viewed Stories