Update: රණාලේ ෆුල් ෆේස් හෙල්මට් සැකකරුවන් හඳුනාගෙන

Wednesday, 06 May 2015 - 13:31

Update%3A+%E0%B6%BB%E0%B6%AB%E0%B7%8F%E0%B6%BD%E0%B7%9A+%E0%B7%86%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B7%86%E0%B7%9A%E0%B7%83%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%B8%E0%B6%A7%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1
නවගමුව - රණාල මංසන්ධියේ දී තියුණු ආයුධවලින් පහරදී තරුණයෙකු ඝාතනය කිරීමට පැමිණි  පුද්ගලයන් හඳුනාගෙන ඇති බව  පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසනවා.

බිරිඳ සමග ඊයේ (06) උදෑසන ආපනශාලාවක ආහාර ගනිමින් සිටින අවස්ථාවේදී ෆුල්ෆේස් හෙල්මට් පැළඳ පැමිණි පිරිසක් තියුණු ආයුධවලින් පහරදී  ඝාතනය සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ. සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වූයේ 27 හැවිරිදි දිනේෂ් රුවන් චාමර නැමති රණාල - වලව්වත්ත ප්‍රදේශයේ තරුණයෙක්. පුද්ගලික ආරවුලක් මත  ඝාතනය සිදුව ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ.  

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි.

මේ අතර ෆුල්ෆේස් හෙල්මට් පැළඳීම තහනම් කරමින් පොලීසිය පැනවූ නියෝගය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් වූ පැමිණිලි සම්බන්ධයෙන් පොලීසියට සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට කරුණු ඉදිරිපත් කරන ලෙස දැනුම් දී ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසනවා. එහි නීති ලේකම්, නීතීඥ නිමල් පුංචිහේවා කියා සිටියේ ඉදිරි සති දෙක ඇතුළත අදාළ වාර්තාවන් ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි.

 ෆුල්ෆේස් හෙල්මට් පැළඳීම තහනම් කරමින් පොලීසිය ගෙන ආ නීතිය වළක්වාලමින් අභියාචනාධිකරණය ලබාදුන් වාරණ නියෝගය තවදුරටත් දීර්ඝ කළේ පසුගිය අප්‍රේල් 27 වනදායි. එදින අභියාචනාධිකරණය නියෝග කළේ වාරණය මැයි මස 19 වැනිදා දක්වා යළිත් දීර්ඝ කිරීමටයි. ෆුල්ෆේස් හෙල්මට් පැළඳ යතුරුපැදි ධාවනය කළ නොහැකි බවට වන නීතිය පසුගිය අප්‍රේල් මස 2 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණා. එහෙත් ඊට එරෙහිව පුද්ගලයින් දෙදෙනෙකු අභියාචනාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කළ අතර ඒ අනුව අභියාචනාධිකරණය මෙලෙස ෆුල්ෆේස් හෙල්මට් නීතිය වළක්වාලමින් වාරණ නියෝගයක් ලබාදුන්නා.
   
Update : Thursday, 07 May 2015 - 08:05 AM
--------------------------------------------------------------------

බිරිඳ සමඟ ආහාර ගනිමින් සිටි පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කරයි

නවගමුව - රණාල මංසන්ධියේ පිහිටි ආපනශාලාවක සිය බිරිඳ සමඟ ආහාර ගනිමින් සිටි පුද්ගලයෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබෙනවා. අද පෙරවරුවේ එම ස්ථානයට පැමිණි පුද්ගලයන් කිහිප දෙනෙකු මන්නාපිහි යොදා ගෙන මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

බරපතල තුවාල ලැබූ පහරකෑමට ලක්වූ පුද්ගලයා නවගමුව රෝහලට ඇතුළත් කිරීමේදීයි මියගොස් ඇත්තේ. 27 හැවිරිදි ඔහු රණාල - වලව්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් අනාවරණ වී නොමැති බවයි පොලිසිය සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories