ජුනියට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හරින ලකුණු

Wednesday, 06 May 2015 - 19:47

%E0%B6%A2%E0%B7%94%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB++%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B7%84%E0%B6%BB%E0%B7%92%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සකස් කළ මැතිවරණ ක්‍රමයේ සිදුකළ යුතු සංශෝධන ඇතුළත්   20 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ලබන 13 වනදා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත ප්‍රකාශ කළා. කොළඹ අද (06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ඉදිරියේදී මේ පිළිබඳව නිදහස් සන්ධානය නියෝජනය කරන පක්ෂවලට ද කෙටුම්පත ඉදිරිපත් කරන බවයි.

 නව මැතිවරණ ක්‍රම සංශෝධනය යටතේ ජාතික ලැයිස්තුවෙන් සහ සමානුපාතික ක්‍රමයෙන් පාර්ලිමේන්තුවට පත් වන කාන්තා නියෝජනය සියයට 50 කින් ඉහළ දැමිය යුතු බවයි කොළඹ අද පැවති විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා කියා සිටියේ.

 20 වන සංශෝධනය සම්මත කර ගැනීමෙන් පසු මේ මාසය අවසානයේදී පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ඇති බවයි සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories