Update: ගෝඨා සඳුදා, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට

Thursday, 07 May 2015 - 8:29

Update%3A+%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F+%E0%B7%83%E0%B6%B3%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%2C+%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%A7
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ලබන සඳුදා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත කැඳවා තිබෙනවා. මිග් ප්‍රහාරක යානා ගණුදෙනුව ඇතුළු මූල්‍ය ගණුදෙනු කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා හිටපු ආරක්ෂක ලේකම්වරයා  කැඳවා ඇති බවයි වාර්තා වන්නේ. මීට පෙර ඔහුගෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ද ප්‍රකාශයක් සටහන් කර ගත්තා.  

මේ අතර, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග වලට එළඹෙන බව ඊයේ ප්‍රකාශ කළා. ඒ අම්පාරේ පැවති දැයට කිරුළ ප්‍රදර්ශනයේදී මූල්‍ය දූෂණයක් සිදුකළ බවට පැමිණිලි කිරීමෙන් තමාගේ කීර්තිනාමයට හානියක් සිදුකළ බව පවසමින්. හිටපු ආරක්ෂක ලේකම්වරයා, අම්පාර හිටපු දිස්ත්‍රික් ලේකම් නීල් ද අල්විස් සහ අම්පාර නගර සභාවේ සභාපති ඉන්දික නලින් ජයවික්‍රමට එරෙහිවයි පැමිණිල්ල ගොනුකර තිබුණේ.

අම්පාරේ ඊයේ (07) පැවති මාධ්‍ය හමුවකදී අම්පාර නගර සභා සභාපතිවරයා කියා සිටියේ තම කීර්ති නාමයට හානියක් කිරීම සම්බන්ධයෙන් තමන් ද ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රී වසන්ත පියතිස්සට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

Update : Friday, 08 May 2015 - 08:05
----------------------------------------------
ගෝඨා නැගිටියි

තමාට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ගොනුකර ඇති පැමිණිල්ලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. 2013 වසරේ අම්පාරේ පැවති දැයට කිරුළ ප්‍රදර්ශනයේදී මූල්‍ය අක්‍රමිකතා සිදුව ඇති බව පවසමින් ජනතා විමුක්ති පෙරමුණ ඊයේ (06) දිනයේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ගොනුකළා. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, අම්පාර හිටපු දිස්ත්‍රික් ලේකම් නීල් ද අල්විස් සහ අම්පාර නගර සභාවේ සභාපති ඉන්දික නලින් ජයවික්‍රමට එරෙහිවයි මෙම පැමිණිල්ල ගොනුකර ඇත්තේ.  

 කෙසේ වෙතත්, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ තමන්ගේ කීර්තිනාමයට හානි කිරීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි. එවැනි කිසිදු මුදලක් තමාගේ බැංකු ගිණුමකට බැර වී නොමැති බවයි ඔහු සඳහන් කළේ. 

මීට පෙර පළ කළ පුවත මෙතනින් බලන්න :

දැයට කිරුළේ කෝටි 13ක් ගෝඨාගේ ගිණුමකින් හුවමාරු වෙලාලු


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories